Local

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය වෙයි

Monday, 01 January 2024 - 9:44 pm

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන අද (01) දිනයේ සිට සංශෝධනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙතෙක් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි දුම්රිය අද සි‍ට පෙරවරු 5.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන අතර, සතියේ දිනවල පමණක් ධාවනය වු සාගරිකා ශීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේ ද ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.
එසේම, සතියේ දිනවල රාත්‍රී 8.35ට මරදාන සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට අලුත්ගම දක්වා ගමනාන්තය දීර්ඝ කර ඇති බවත්, පස්වරු 2 ට මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට පස්වරු 1.55 ට මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය කිරිමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
දුම්රිය කාලසටහනෙහි සිදුවන මෙම සංශෝධන සති දෙකක කාලයක් අත්හදා බැලීමෙන් පසුව අඛණ්ඩ ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිපොළගේ පවසන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT