Local

IMF ඊළඟ වාරිකය තව සති දෙකකින්

Thursday, 19 September 2024 - 10:00 am

ශ්‍රී ලංකාව බංකොළොත් බවින් මුදා ගැනීමේ තුන්වැනි කණ්ඩායම වන පෞද්ගලික බැඳුම්කරුවන් සමඟ ගිවිසුමට අද අත්සන් තබනවා

IMF ගිවි­සුම වෙනස් කිරී­මට ඉඩ දී මෙම සහන අහිමි කර ගන්න­වා ද කියා 21 වැනිදා ජනතාව තීර­ණ­ය කළ යුතුයි

මාතර-ගාල්ල-කළුතර හෝමාගම-මැද කොළඹ  අවසන් ජන රැලි අමතමින් ජනපති කියයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කර­ගත් වැඩ­ස­ට­හ­නට අනුව ඊළඟ වාරි­කය සඳහා වූ මුදල් ලබා­දී­මට තවත් සති දෙක­කින් IMF නියෝ­ජි­ත­යන් මෙර­ටට පැමි­ණී­මට නිය­මිත බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. IMF ගිවි­සුම වෙනස් කිරී­මට ඉඩදී රටට ලැබී­මට නිය­මිත මෙම සහන අහිමි කර ගන්නවා ද කියා සැප්තැ­ම්බර් 21 වැනිදා ජන­තාව තීර­ණය කළ යුතු බව පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා වැස්ස නැති කාලයේ ඉඳලා වැස්ස කාලයේ කුඩ­යත් අත්හැර පැන දුවන නාය­ක­යන් විශ්වාස නොක­රන ලෙස ද ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­යේය.

ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මුදා ගැනීමේ තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමග ගිවිසුමට අද අත්සන් තබනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) පස්වරුවේ කළුතර මහජන ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.‍

රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ මෙරට ආර්ථිකය වර්ධනය වූ බව අද අනුර කුමාර දිසානායක ද පිළිගෙන ඇති බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා තමාට රට කිරීමට නොහැකි වුවහොත් වසර එකහමාරකින් එය අතහරින බවට අනුර කුමාර කළ ප්‍රකාශය මඟින් තහවුරු වන්නේ ඔහුට රට ඉදිරියට ගෙන යා නොහැකි බව ඔහු විසින්ම පිළිගැනීම යැයි ද සඳහන් කළේය.

එසේම සජිත්ගේ වැඩපිළිවෙළ ගැන දැන ගැනීමට ඔහුට රූපවාහිනී වැඩසටහනකට ආරාධනා කළ ද ඔහු නොපැමිණි බව පැවසූ ජනාධිපතිවරයා තමන්ගේ වැඩපිළිවෙළ රටට පැවසිය නොහැකි නායකයන්ට රට භාර දී අනාගතය අඳුරු කර නොගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT