Local

තණමල්විල දැරිය දූෂණ සිද්ධිය ගැන ළමාරක්ෂක අධිකාරියෙනුත් විමර්ශනයක් කරනවා -ස්මාර්ට් දුරකතන දරුවන්ට කොඩිවිනයක්

Tuesday, 13 August 2024 - 8:32 am

තණමල්විල පාසල් සිසුවිය සමූහ දූෂණ සිද්ධිය සමස්ත පාසල් පද්ධතියටම කැළලක් බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ස්මාර්ට් දුරකතනය පාසල් දරුවන් අතට දීම කොඩිවිනයක් යැයිද තණමල්විල පාසල් සිසුවිය දූෂණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියාය.

මේ සිදුවීම මුලු මහත් පාසල් පද්ධතියටම කැළලක් බවත් මෙයට සම්බන්ධ වූ අගතියට පත් දැරිය මෙන්ම 17 දෙනෙකුගෙන් සමන්විත චූදිතයන්ද පාසල් සිසුන් පිරිසක් වීම බොහෝ කනගාටුදායක තත්ත්වයක් බවත් වර්තමානයේ පාසල් ළමුන් ස්මාර්ට් දුරකතනය භාවිතයට පුරුදු වීමෙන් ළමා ශික්ෂණයට මෙන්ම විනය ගරුකභාවයට මරු පහරක් එල්ලව ඇති බවත් එය කොඩිවිනයක් බවත් ඇය කියා සිටියාය. එමෙන්ම මෙම දැරියගේ මානසික භීතිය, ලැජ්ජාව හා අසරණකම නිසා ඇය කායිකව මෙන්ම මානසික තත්ත්වය දැඩිව දුර්වල වූ බවත් ඇයගේ නිවසේ බිත්තියේ අලවා ඇති විවිධ වැකි සහ දර්ශන සහිත රූප දැකීමෙන් පෙනී යන බවද ඇය පැවසීය.

කාලය ඇවෑමෙන් පාසල් විදුහල්පති සහ විද්‍යාලයේ විනය කමිටුව මෙය දැන ගැනීමෙන් පසු මේ පිළිබඳ විමර්ශනය කොට එම සිදුවීම සැඟවීමට ගත් උත්සාහය තමන් විසින් පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද දිනය ප්‍රකාශ කළ අතර මේ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ,එහිදී දැරිය පරීක්ෂා කරන ලද වෛද්‍යවරයාගේ නොමනා හැසිරීම දැරිය විසින් දිවි අහිමි කර ගැනීමට පවා ඉඩ තිබුණ බවත් ඇයගේ මව විසින් මාධ්‍යයට ප්‍රකාශයක් කිරිම සම්බන්ධවද වෛද්‍යවරයා ගැන ද විනය පරීක්ෂණයක් පවත්වන මෙන් අදාළ අමාත්‍යාංශ වලින් තමන් ඉල්ලා සිටින බවත් කීවාය. මෙහි සියලු තොරතුරු අනාවරණය කර ගනිමින් දැරිය බේරාගැනීමට කටයුතු කළ තණමල්විල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු අනෙකුත් නිලධාරීන්ටද ස්තුතියි හා ගෞරවය පළ කරන බවද ඇය පැවසුවාය. එමෙන්ම ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පුළුල් පරීක්ෂණයක් කිරීමට ද තමා උපදෙස් දෙනද අවධාරණය කළාය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT