Local

IMF 4 වෙනි වාරිකය ගැන ලැබුණු ඉඟිය

Thursday, 01 August 2024 - 10:15 pm

කෙටි කලක් තුළදී රට ස්ථාවර කිරීමට සහ ආර්ථිකය වර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා ජනාධිපතිවරයා අතර අද (01) සිදුකළ සාකච්ඡාවක් අතරතුදීය.

ඒ සම්බන්ධයෙන් අද දෙරණ සමග අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, 

'බාධාවකින් තොරව තුන්වෙනි සමාලෝචනය සම්පූර්ණ කරන්නත් ඒ හරහා අපිට 4 වන වාරිකය ප්‍රමාද නොවී ලබා ගැනීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ අපි සාකච්ඡා කළා. ඒක ඉතා වැදගත් අපිට. යම්කිසි හේතුවක් නිසා  04 වන වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වුනොත් රටේ ආර්ථික තත්ත්වයට කිසියම් අහිතකර බලපෑමක් ඇති වෙනවා.'

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ පහසුකමක් අනුමත වූයේ 2023 වසරේ මුල් භාගයේදීය.

එහි පළමු වාරිකය 2023 මාර්තු මාසයේ අනුමත වූ අතර අනතුරුව එහි දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේත්, තෙවැනි වාරිකය ඉකුත් ජුනි මාසයේදීත් වශයෙන් මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් ලැබී අවසන් ය.

එසේම ඊට සමගාමීව සිදුකළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළද සාර්ථක එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්විය.

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT