Local

කුරුණෑගල සමාගමක අධ්‍යක්ෂවරුන් 6කට රට ගමන් තහනම්

Friday, 23 February 2024 - 10:57 am

කුරුණෑගල නාගොල්ලාගම ප්‍රදේශයෙහි ‘ආර්.ඩී.ඊ.ටූ.ත්‍රී. ෆ්‍රීඩම්‘ නොහොත් ‘ආර්.ත්‍රී.එෆ්.“ නමින් සමාගමක් ලියාපදිංචි කර එම සමාගම හරහා රුපියල් කෝටි 500කට අධික මුදලක පිරමීඩාකාර ගනුදෙනු සිදු කළැයි කියන එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (22) නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම් වූයේ ‘ආර්.ත්‍රී.එෆ්.“ නම් මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන චින්තක මධුසංඛ අත්තනායක, නිමල් රත්න ජයසිංහ, රෝහිණී පටබදිනගේ, වල්පොල ලියනගේ නිමල් ශාන්ත, ඉමිහාමි මුදියන්සේලාගේ අජන්ත සහ රජේෂ්වර බණ්ඩාර යන අයවලුන්ගේය.

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කළ බව සඳහන් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පිරමීඩාකාර ගනුදෙනු විමර්ශන කරන විශේෂ ඒකකය මඟිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පොලිස්පතිවරයාට කරනු ලැබූ පැමිණිල්ලෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස්පතිවරයා මඟින් තම දෙපාර්තමේන්තුවට ලැබුණු බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කුරුණෑගල නාගොල්ලාගම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයකින් තොරව මූල්‍ය ගනුදෙනු සිදුකර ඇති බවත් මේ සම්බන්ධයෙන් පහළොස් දෙනකු පමණ තම කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබාදී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සමාගම මඟින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවගෙන් මුදල් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර මේ වන විට එලෙස පිරමීඩාකාර ගනුදෙනුවල යොදවා ඇති මුදල රුපියල් කෝටි 500කට අධික බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අනුව අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට එම දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT