Local

ගුවන් ප්‍රහාර ආවද ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි..

Sunday, 20 October 2024 - 10:02 pm

ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරන ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශවල කිසිඳු ලාංකිකයෙකු නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා පැවසීය.

එරට සිටින සියලු ලාංකිකයින් ආරක්ෂිත බව පැවසීය.

තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවෙස්නය තුළ ලාංකිකයින් 15 දෙනෙකු සිටියි.

එරට සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගෙන ඇතිබව පැවසීය.

ඊශ්‍රායලය විසින් ඊයේ (19) ලෙබනනයට ගුවන් ප්‍රහාර 12 ක් පමණ එල්ල කර ඇතිබව විදෙස් වාර්තා සඳහන් කරයි.

කලාපයේ උද්ගතව ඇති තත්වයත් සමඟ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතිබව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අදාළ රටවල දූත මණ්ඩලය හරහා ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය උපදෙස් නීතිපතා ලබාදීම සිදුවෙයි.

එම උපදෙස් කෙරෙහි විශේෂ අවධානය යොමුකිරීම ඉතා වැදගත් වෙයි.

මැදපෙරදිග කලාපයේ සිටින ලාංකිකයන්ගෙ ඥාතීන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී 0112338812 සහ 0117711194 අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT