Local

ඊශ්‍රායලයේ නවෝත්පාදන තාක්ෂණය අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අතිශය වැදගත් -ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

Thursday, 15 February 2024 - 7:35 am

ඊශ්‍රායල් ප්‍රවාහන හා මාර්ග ආරක්ෂණ ඇමැතිනි මිරි රෙගේව් මහත්මියගෙන් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සමරු තිළිණයක්

ඊශ්‍රායලයේ අතිදියුණු නවෝත්පාදන තාක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් වන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙරට සංචාරයක නිරත ඊශ්‍රායල් ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂණ අමාත්‍ය මිරි රෙගේව් සහ ඇමැතිවරයා අතර විශේෂ හමුවක් ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැදගත් කරුණු රැසක් කෙරෙහි මෙහිදී දෙරටේ අමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ප්‍රවාහන, කෘෂිකාර්මික, කාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නවෝත්පාදන උදෙසා භාවිත කරනු ලබන නවීන තාක්ෂණික ක්‍රමවේද සහ දැනුම ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. එමෙන්ම ඊශ්‍රායලයේ අතිදියුණු නවෝත්පාදන තාක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අතිශය වැදගත් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනමෙහිදී ප්‍රකාශ කළේය.

මේ වන විටත් ශ්‍රී ලාංකිකයන් දස දහසකට අධික ප්‍රමාණයක් ඉතා ඉහළ වැටුප් සහ දීමනා යටතේ වඩාත් සුරක්ෂිත, සුවපහසු ලෙස එරටේ රැකියාවන්හි නිරත වන බවත්, ඉදිරියේදීත් මෙරට පුහුණු ශ්‍රමිකයන්ට එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇතුළුව අනෙකුත් ක්ෂේත්‍රවල පවතින රැකියා සඳහා වැඩි අවස්ථාවක් සලසා දීම පිළිබඳවද ඊශ්‍රායල් ප්‍රවාහන අමාත්‍යවරිය මෙහිදී අදහස් පළ කළාය.

සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනය වෙනුවෙන් ඉදිරියේදී ඊශ්‍රායලය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සංචාරක ගුවන් සේවා, නාවික ක්ෂේත්‍රයේ භාණ්ඩ ප්‍රවාහනය සහ නාවික ප්‍රවාහනයේ ආරක්ෂාවට සම්බන්ධ කරුණු රැසක් පිළිබඳවද මෙහිදී ඇමැතිවරුන් අතර අදහස් හුවමාරු විය.

ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඕර් ගිලන්, ඊශ්‍රායල ප්‍රවාහන අමාත්‍යාංශයේ යටිතල පහසුකම් හා සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ අව්නේර් ෆ්ලෝර්, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා කොන්සල් දිනේෂ් රොඩ්රිගෝ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහත්වරුන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දර්ශිකා ජයසේකර ඇතුළු නියෝජිත පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT