Local

අනතුරක් ද? ඝාතනයක් ද? ජොන්ස්ටන් සනත් නිශාන්තගේ මරණය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

Friday, 23 February 2024 - 11:03 am

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.

සනත් නිශාන්තගේ අභාවය අනතුරක් ද ඝාතනය කිරීමක් ද යන්න බිරිය විසින් ද සැක මතු කර තිබූ බවත් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මෙම මරණය මිනීමැරුමක් බව ඔප්පු වුවහොත් එම මරණය පිටුපස සිටින අය සොයාගෙන ඔවුන් නීතිය හමුවට පමුණුවා අවශ්‍ය දඬුවම් ලබාදීමට පියවර ගත යුතුයි. සනත් නිශාන්ත රට බේරා ගත් මනුෂ්‍යා වෙනුවෙන් පෙනී හිටියා. ඔහුගේ මනුස්සකම ඒක. තමන්ගේ පක්ෂය වෙනුවෙන් එතුමා කෙළින් හිටගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටියා. දේශපාලන නිර්භීතකම එතුමාට තිබුණා. ඒ නිර්භීතකම ඔරොත්තු නොදුන් අය තමයි සමාජ මාධ්‍ය මඟින් ඔහුට මඩ ගැහුවේ. සමාජ මාධ්‍යයේ තිබෙන දේ නෙවෙයි ගමේ තිබෙන්නේ. ඒක නිසා තමයි වැල නොකැඩී ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාව පැමිණියේ. ගොඩක් දේශපාලකයන් ආවේ නැහැ. න්‍යාය පත්‍රයවත් අද උදේ ක්‍රියාත්මක කරන්න විපක්ෂය දුන්නේ නැහැ. දේශපාලන කුහකයකුට පමණයි සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝක යෝජනාවක් ඉදිරිපත් කරන්න බැරි. තනතුර ආභරණයක් කර නොගෙන ජනතාව වෙනුවෙන් එතුමා වැඩ කළා. ඒ මනුස්සකම නිසා තමයි ජනතාව ඒ මහතාට ගෞරව දැක්වූවේ යැයි ද ඔහු කීවේය.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT