Local

වාරි සංවර්ධනයට යොදන මුදලින් ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති ඇරඹිය යුතුයි – ආසියානු සංවර්ධන බැංකුව

Monday, 25 March 2024 - 8:18 am

වාරිමාර්ග සංවර්ධනය සඳහා වැය කර ඇති මූල්‍ය වටිනාකමේ නිසි ඵල නෙළා ගැනීමට නම් එම ව්‍යාපෘති හරහා ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති ආරම්භ විය යුතු යැයි ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි.

මෙරට වාරිමාර්ග ක්ෂේත්‍රයේ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව මේ දක්වා සැලකිය යුතු මූල්‍ය දායකත්වයක් දී ඇති බව පෙන්වා දෙන එම බැංකුව මහා පරිමාණ වාරි ව්‍යාපෘතිවලින් ජනතාවට ස්වාධීනව නැඟී සිටීමට තිරසර සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ අවශ්‍ය මඟපෙන්වීම සිදු කළ යුතු බව ද සඳහන් කරයි.

මේ බව අවධාරණය කෙරුණේ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට කාර්යාලයේ ප්‍රධාන ජල සම්පත් විශේෂඥ සනත් රණවන ඇතුළු නියෝජිතයන් සහ වාරිමාර්ග, වන ජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි අතර (22) වාරිමාර්ග අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ආරම්භ කර තිබෙන ප්‍රධාන වාරි ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මේ හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිනිය මෙලෙස ද කීවාය.

“රටට අවශ්‍ය ආහාර රටේම නිෂ්පාදනය කරගැනීමට ශක්තිමත් සැලැස්මක් ගොඩනැඟීමෙන් ආහාර ආනයනය සඳහා විදේශයට ඇදී යන විශාල මුදලක් රටේ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ස්වාභාවික සම්පත්වලින් අනූන ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය කිරීමටත් ආසියානු සංවර්ධන බැංකුවෙන් වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින මහවැලි අධිකාරිය හා එක්ව දැනටමත් ජන කේන්ද්‍රීය ජීවනෝපාය සමෘද්ධිමත් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ගොවි ජනතාවට ඉදිරියටත් මේ මූල්‍යමය අත්වැල අඛණ්ඩව සැපයීමට හැකි නම් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ස්ථාවර කර ගනිමින් ස්වාධීනව නැඟී සිටීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

වර්තමානයේ තරුණ තරුණියන් විශාල පිරිසක් නවීන තාක්ෂණය පදනම් කර ගත් කෘෂිකාර්මික කටයුතු සඳහා ඉහළ නැඹුරුවක් දක්වනවා. පවතින කාලගුණ තත්ත්වය හමුවේ වී වගාව පමණක් නොව අනෙකුත් අතරමැදි බෝග වගාවලට ගොවි ජනතාව උනන්දු කළ යුතුයි. සිය වගා කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ගොවි ජනතාවට ඉදිරියටත් මූල්‍ය ප්‍රදානයන් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහාය දෙන්නේ නම් අපේ රටේ තරුණ තරුණියන්ට කෘෂි ව්‍යවසායකයන් ලෙස ඉදිරියට පැමිණීමට එය විශාල රුකුලක් වෙනවා. මහවැලි කලාප 10ම ආවරණය වන පරිදි ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය දායකත්වය යටතේ සුහුරු කෘෂිකාර්මික වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.”

මේ අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට කාර්යාලයේ ප්‍රධාන ජල සම්පත් විශේෂඥ සනත් රණවන, ව්‍යාපෘති නිලධාරි ක්‍රිශාන්ති දාබරේ, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් සිරිවර්ධන එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT