Local

හිටපු ඇමති ලොහාන් ගැන බන්ධනාගාර කොමසාරිස්ගෙන් නිවේදනයක්

Saturday, 02 November 2024 - 10:37 pm

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමු කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර අමාත්‍යවරයා ව සිටි බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් සැපයිමටත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගයේ සටහන් කර තිබූ බවය.

ඒ අනුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 31 වැනි දින සිට නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවත් බන්ධනාගාර කොමසාරිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර රෝහලෙන් කැඳවූ අතර එහිදී ස්වන අපහසුතාවයන් මත බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කළ යුතු බවත් දන්වා ඇති බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.

තවද අක්මාව, පෙනහළු හා අගන්‍යාශය ආශ්‍රිත රෝගී තත්ත්වයන්වලින් පසුවූ බැවින් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු බවත් බන්ධනාගාර රෝහල් වාර්තාවේ සඳහන්ව තිබූ බවත් ඔහු පවසයි. 

එමෙන්ම දැනට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ප්‍රතිකාර අවසන් වීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත නැවත බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියමිත බවද බන්ධනාගාර කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT