Local

දෙවුන්දර තුඩුවෙන් කෝටි ගාණක හෙරොයින් හමුවෙයි

Sunday, 21 January 2024 - 11:07 am

රුපියල් මිලියන1626 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 65කට අධික තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් ඊයේ  (20දා)  අත්අඩංගුවට ගෙන ඇත.

දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100ක් පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හැට පහකට (65) අධික තොගයක් උර තුනක (03) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ ඊට සහයවූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික වැඩපිළිවෙල යටතේ මෙරට සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්‍ෂණ කටයුතු සිදුකරනුලබන නාවික හමුදාව, තවත් අංශ කිහිපයක සහය ඇතිව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ බුද්ධි සේවාවන් හා එක්ව දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100ක් පමණ (කිලෝමීටර් 185ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී එම බහුදින ධීවර යාත්‍රාව තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 65 යි ග්‍රෑම් 076ක පමණ තොගයක් සහිත උර තුනක් (03) සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස් දෙනෙකු (05) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06)ද එහිදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අතර එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය, බහුදින යාත්‍රා‍ දෙක සහ සැකකරුවන් එකොළොස් දෙනා නීතිමය කටයුතු සඳහා ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීය.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ  වටිනාකම රුපියල් මිලියන 1626කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 28ත් 52ත් අත‍ර වන මාතර, ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වෙති.

මෙම මෙහෙයුමත් සමඟ විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත 2024 වර්ෂයේ ජනවාරි මාසය තුළ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 4800 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිලිබඳ තොරතුරු නාවික හමුදාව සහ මෙරට නීතිය බලාත්මක කරනු ලබන ආයතනයන් වෙත ලබාදී රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා සහය වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT