Local

SL vs BAN 2nd Test : ශ්‍රී ලංකාවට ලකුණු 192 ක ජයක්

Wednesday, 03 April 2024 - 4:18 pm

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගය ලකුණු 192 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 531 ක් රැස් කළ අතර එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 92 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් හා නායක ධනංජය ද සිල්වා ලකුණු 70 ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 178 ක් පමණයි එම ඉනිමේදී පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු 353 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පරහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට කටයුතු කළේ, ලකුණු 510 ක් ඉදිරියෙන් සිටිමින්.

ලකුණු 511 ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 318 ක් පමණක් වන අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් කඩුලු 03 ක්, ළහිරු කුමාර කඩුලු 04 ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් හා විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT