අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ධුරයට පත් ජනාධිපති නීතිඥ, අලි සබ්රි මහතා සිය ධුරයෙහි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම පෙරේදා (13) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
අනතුරුව අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවේදී අධිකරණ අමාත්‍යාංශයේ කාර්යභාරයේ ප්‍රගතිය පිළිබඳව ඇමැතිවරයා විමසීමක් කළේය. මේ වන විට අතරමඟ නවතා දමා ඇති අධිකරණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සහ සංහිඳියා කාර්යභාරය හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු යන අංශවලට මූලිකත්වය දෙමින් ක්‍රියා කරන ආකාරය පිළිබඳව එහිදී ඇමැතිවරයා උපදෙස් දෙන ලදි. කඩිනමින් අවසන් කළ යුතු කාර්යභාරවලට මූලිකත්වය දෙමින් කටයුතු කරන්නැයි ද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.
නඩු විසඳීම පමණක් නොව රටේ අනාගතය තීරණය කිරීමේදී අධිකරණ අමාත්‍යාංශයේ කාර්යභාරය වැදගත් වන බවත් 2020 වසරේ සිට අංශ පහක් ඔස්සේ අමාත්‍යාංශයේ කටයුතු ඉදිරියට ගෙන ගිය බවත් විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාව හා කටයුතු කිරීමේදී සංහිඳියා ක්‍රියාවලිය අතිශයින් වැදගත් වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල උසස් නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.