Local

ශ්‍රීලංකන් ගුවන්සේවය ගැන ගත් තීරණය

Wednesday, 16 October 2024 - 12:58 pm

ශ්‍රීලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතාව උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ එම ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බව ගනේගොඩ මහතා පැවසූ බවයි.

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රීලංකන් ගුවන්සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබුණි.  

එම සැලසුම යටතේ ගුවන්සේවයේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකීනමට නියමිතව තිබුණි. 

ඒ සඳහා පාර්ශ්ව 6ක් සිය කැමැත්ත දන්වා තිබූ නමුත් එම ක්‍රමවේදයේ ඊළඟ පියවර සඳහා ඉන් කිසිවෙකුත් සුදුසුකම් නොලැබීය.

මේ අතර 2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා වූ කාලය සඳහා මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වුණි.

එහි එකතුවී ඇති ණය ඩොලර් බිලියන 1.2ක් ලෙස දැක්වෙයි.

ගනේගොඩ මහතා පවසා ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් බවයි. 

මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 50%ක් පමණ එන්නේ ශ්‍රීලංකන් ගුවන්සේවය භාවිත කිරීමෙනි.

2024 සඳහා සංචාරකයින් මිලියන 2.3ක් ඉලක්ක කරන ශ්‍රී ලංකාව 2030 වනවිට එම ප්‍රමාණය මිලියන 3 දක්වා ඉහළ දමාගැනීමට සැලසුම් කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT