Local

දොස්තරලා රට හැර යෑමෙන් රෝහල් රැසක් වැසෙන්න යයි…

Monday, 28 October 2024 - 11:46 am

වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක් පසුගිය වසර කිහිපයේ දී රට හැර යෑම හේතුවෙන් ග්‍රාමීය හා නාගරික රෝහල් රැසක් වැසී යෑමේ අවදානමක් මේ වනවිට මතුව ඇතැයි විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පවසයි.

පසුගිය වසර පහකට ආසන්න කාලසීමාවේදී මෙලෙස වෛද්‍යවරුන් දෙදහසකට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති බවද වෛද්‍යවරයා කියයි.

විදේශගත වීමට ලැබෙන පළමු අවස්ථාවේදීම වෛද්‍යවරයා ඉවත්ව යෑම හේතුවෙන් මේ වන විට මෙරට ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍ය සායන පවත්වාගෙන යෑම ද දුෂ්කර වී ඇතැයි වෛද්‍යවරයා කියා සිටී.

ග්‍රාමීය හා නාගරික රෝහල් පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැතිවීමෙන් රෝගී ජන ජීවිත අවදානමට ලක්ව සෞඛ්‍ය පද්ධතිය බරපතළ බිඳ වැටීමක් අබියස පවතින බවද පවසන වෛද්‍යවරයා බොහෝ රෝහල්වල පවතින කාර්ය මණ්ඩල හිඟය ද මෙයට දැඩිව බලපා ඇතැයි ද සඳහන් කරයි.

වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, අතුරු සෞඛ්‍ය සේවයකින් ඇතුළු සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලවලට ප්‍රමාණවත් තරම් වැටුප් ලබාදීමට පසුගිය රජයන් කටයුතු නොකිරීම තුළ මෙම තත්ත්වයන් උද්ගතව ඇති බැවින් අදාළ විෂමතාවන් විසඳීම සඳහා වහාම නව ප්‍රතිපත්ති සැකසීමට මෙවර මහ මැතිවරණය අවසානයේ දී පත්වන රජය කටයුතු කළ යුතු බවද, විශේෂඥ වෛද්‍ය, චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT