Local

කොත­රම් අභි­යෝග තිබුණත් අනා­ග­තය වෙනු­වෙන් කරන ආයෝ­ජන නතර කරන්නේ නෑ

Monday, 22 January 2024 - 9:12 am

කෙත­රම් ආර්ථික අප­හ­සුතා සහ අභි­යෝග පැමි­ණි­යත් රටේ අනා­ගත දරු පර­පුර වෙනු­වෙන් සිදු කරන ආයෝ­ජන කිසිදු අව­ස්ථා­වක නතර නොක­රන බව ලංකාවේ සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගමේ සභා­පති, මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම් මහතා ප්‍රකාශ කරයි.

සභා­ප­ති­ව­රයා මේ බව පැවැ­සුවේ වාර්ෂි­කව පව­ත්වන ලේක්හ­වුස් ආය­ත­නයේ සේවක දූ දරු­වන්ට පාසල් පොත් බෙදා දීමේ උත්ස­වය පසු­ගිය 19 වැනිදා ලේක්හ­වුස් ආය­තන පරි­ශ්‍ර­යේදී පැවති අව­ස්ථා­වේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ සභා­ප­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“මා පළ­මු­වෙන්ම මේ මොහොතේ මතක් කර­නවා, මේ වැඩ­ස­ට­හන පටන් ගත් අපේ හිටපු සභා­ප­ති­ව­ර­යෙක් වන නලින් ලද්දුවාහෙට්ටි මහතා. මම හිතන්නේ 2003දී මේ වැඩ­ස­ට­හන පටන් ගත්තේ. එතැන් පටන් මේ වැඩ­ස­ට­හන අද වන­තෙක් කොයි­ත­රම් ආර්ථික අප­හ­සුතා පැමි­ණි­යත්, ගැටලු ඇති වුණත් මේ කාර්යය අපි දිග­ටම කර­ගෙන ආවා.

ආද­ර­ණීය දූ පුතුනි, අද මේ සුදු වතින් සැර­සිලා ඉන්න ඔය ගොල්ලෝ තමයි මේ රටේ අනා­ග­තය. ඔය ගොල්ලො වරද්ද වරද්ද තියෙන පුංචි පා පොඩි­ව­ලින් තමයි මේ රටේ අනා­ග­තය හැදෙන්නේ. ඒ නිසා අපේ කලින් නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී චන්දන බණ්ඩාර මහතා පැවසූ විදි­හට අති­වි­ශාල මුද­ලක් මේ සඳහා වෙන් කර තියෙ­නවා. අප අධ්‍යක්ෂ මණ්ඩ­ලය මේ කර්තව්‍ය දකි­න්නෙත් මේ රටේ සහ මේ ලෝකේ අනා­ග­තය වෙනු­වෙන් අප කරන ආයෝ­ජ­න­යක් හැටි­ය­ටයි. ඒ නිසා අද පොඩි­යට සුදු වතින් සැර­සිලා ඉන්න ඔය­ගොල්ලෝ මේ පාසල් පොත් අර­ගෙන ඉගෙ­න­ගෙන මේ රටේ, මේ ලෝකයේ විද්ව­තුන් හැටි­යට සැරි­ස­රන දව­සට අප කැප කළ මේ කාලය සහ ධන­යට සැබෑ අර්ථ­යක් ලැබෙ­නවා.

ආද­ර­ණීය දූ පුතුනි, ඔයා­ලගේ අම්මා, තාත්තා වැඩ කරන්නේ ලංකාවේ තියෙන හොඳම පත්තර කන්තෝ­රුවේ. ඒ තමයි පත්තර මහ­ගෙ­දර. ඔය­ගො­ල්ලන්ට, ඔයා­ලගේ අම්මට, තාත්තට, ඔයාට ආඩ­ම්බ­ර­යෙන් කියන්න පුළු­වන් අපි ලේක්හ­වුස් පවුලේ සාමා­ජි­කයෝ කියලා. ඒ නිසා අපි දෙන මේ පුංචි තෑග්ග අර­ගෙන ඔය­ගොල්ලෝ ඉගෙන ගත්තොත් ඒක අපේ රටට සහ ලෝකෙට විශාල ශක්ති­යක්.



ආද­ර­ණීය දූ පුතුනි, අපේ දැනුම, කුස­ල­තාව, ආකල්ප වර්ධ­නය කර ගන්න ඕනේ. දැනුම පත පොතෙන්, පත්ත­රෙන් ඔය­ගො­ල්ලන්ට ගන්න පුළු­වන්. හැබැයි අනා­ගත ලෝක­යට වැඩි­යෙන්ම ඕනේ කුස­ලතා (skills). ඔයාගේ computer knowledge, IT, English, communication මේ වගේ කතා කරන ඒවා දුවේ පුතේ අපි පුහුණු වෙන්න ඕනේ. අම්මට තාත්තාට ඒවා ඔයාට දෙන්න බෑ. දැනුම ඔයාට පොත­කින් ඉගෙන ගන්න පුළු­වන්. හැබැයි අනා­ගත ලෝකයේ ඉඩ තියෙන්නෙ කුස­ලතා වර්ධ­නය කර ගත් අයට.

ඒ නිසා අද පොඩි­යට ඉන්න ඔය­ගොල්ලෝ අද අපි දෙන පුංචි තෑග්ගෙන් කුස­ලතා වර්ධ­නය කර­ගන්න උත්සාහ ගත්තොත් IT, Digital, කතා කිරීමේ

කිරි­බ­ත්ගොඩ විහා­ර­මහා දේවි බාලිකා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන මිතාරා පියුනි දිය­ණිය ස්තූති කථාව පවත්වමින්.කිරි­බ­ත්ගොඩ
විහා­ර­මහා දේවි බාලිකා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන මිතාරා පියුනි දිය­ණිය ස්තූති කථාව පවත්වමින්.
පැත්ත දියුණු කර­ග­ත්තොත් ඒක තමයි අනා­ගත ලෝක­යට අවශ්‍ය. ඉතින් මං හිත­නවා, අපේ ලේක්හ­වුස් පවුලේ ආද­ර­ණීය හොඳ සාමා­ජි­ක­යන්ගේ දූ පුතුන් ඔය­ගොල්ලෝ. ඒක හරි­යට තේරුම් අර­ගෙන අප කැප කළ කාල­යට, ධන­යට සැබෑ අර්ථ­යක් එක් කර අනා­ග­ත­යට ලොකු සේව­යක් කරයි කියලා අපි විශ්වාස කර­නවා.

ඒ වගේම චන්දන බණ්ඩාර මහතා ඇතුළු මේ කර්තව්‍ය සංවි­ධා­නය කිරී­මට විශේ­ෂ­යෙන් කැපවූ ආය­ත­නික කට­යුතු අංශ­යට විශේෂ ස්තූති­යක් අධ්‍යක්ෂ මණ්ඩ­ලය වෙනු­වෙන් පිරි­න­ම­නවා. අපි මෙවැනි වැඩ­ස­ට­හන් තව තවත් ඉදි­රි­යේදී කර­ගෙන යනවා. මේවා තව තවත් පුළුල් කර­නවා. ඒ මොකද අධ්‍යා­ප­න­යට කැප කිරීම් කරන්න ආය­ත­නයේ පාලන අධි­කා­රිය හැටි­යට අපි කිසිම පැකි­ළී­මක් දක්වන්නේ නෑ. ඒ වගේම අපේ සියලු පුව­ත්ප­ත්වල අධ්‍යා­ප­නය, දැනුම වර්ධ­නය කරන කොටස් ඇති කර­න්නත් අපි හැකි­තාක් උත්සාහ කර­නවා. එයින් මේ පුංචි දූ පුතුන් අනා­ග­තයේ මල් වගේ පිපිලා මේ ලෝකය සුව­ඳ­වත් කරයි. ඒ සුවඳ මේ ලෝකයේ විහි­දෙන දව­සට අපි ඈතක ඉඳන් ඔය­ගොල්ලෝ දිහා බලා­ගෙන ඉන්නවා. කවදා හරි මේ ආය­ත­න­යෙන් සමු­ග­ත්තත් ඔය­ගොල්ලෝ මේ රටට සේවය කරන හැටි බලලා අපට සතුටු වෙන්න පුළු­වන් නම් ඒ තමයි සැබෑ සතුට.”

නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී (ආය­ත­නික කට­යුතු) චන්දන බණ්ඩාර මහතා:

“පූර්ව­ගාමී සභා­පති නීතිඥ නලින් ලද්දු­වා­හෙට්ටි මහතා ආරම්භ කළ මේ වැඩ­ස­ට­හන 2003 සිට මේ දක්වා නොන­වත්වා පව­ත්වා­ගෙන පැමිණි වැඩ­ස­ට­හ­නක් ද වෙනවා. වෙනත් වස­ර­වල වගේම මේ වස­රේත් මේ වැඩ­ස­ට­හ­නට අති­වි­ශාල මුද­ලක් ආය­ත­නය වෙන් කර තියෙ­නවා. ඒ අනුව මේ වර්ෂ­යේදී රුපි­යල් මිලි­යන 5.5කට ආසන්න මුද­ලක් වැය වෙලා තියෙ­නවා.

අද මේ වැඩ­ස­ට­හ­නේදී විශේ­ෂ­යෙන්ම පාසල් උප­ක­රණ දුන්නා වගේම පාසල් බෑග් සහ පාසල් සපත්තු මිලදී ගැනී­මට වවු­චර් පතක් දීමට ද මේ අව­ස්ථාවේ කට­යුතු කළා. මේ සඳහා සුබ­සා­ධන අංශය මූලික වෙලා තමයි කට­යුතු කර­ගෙන යන්නේ. අද වෙන­කොට රටේ පව­තින ආර්ථික තත්ත්වය හමුවේ වුණත් අපි මේ කර­ගෙන ආ කාර්යය ඉදි­රි­ය­ටත් නොන­වත්වා පව­ත්වා­ගෙන යනවා. මේ වස­රෙත් මේ කාර්යය සිදු කිරීම සම්බ­න්ධ­යෙන් සභා­ප­ති­තුමා සහ අධ්‍යක්ෂ මණ්ඩ­ල­යට, සේව­ක­යන් වෙනු­වෙන් ස්තූති­වන්ත වෙනවා.”

මේ අව­ස්ථා­වට සහ­භාගි වූ ෂාශි‍යා පාතිමා දිය­ණිය ගීත­ය­කින් උත්සව සභාව පින වූ අතර, ස්තූති කතාව විකු­ණුම් දෙපා­ර්ත­මේ­න්තුවේ එච්. කේ. ශ්‍රියානි මහ­ත්මි­යගේ දිය­ණිය වන කිරි­බ­ත්ගොඩ විහාර මහ­දේවි බාලිකා විද්‍යා­ලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන මිතාරා පියුනි විසින් සිදු කරන ලදි.

ලංකාවේ සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගමේ මූල්‍ය අධ්‍යක්ෂ, ආචාර්ය සුනිල් ජයන්ත නව­රත්න, නීති හා පරි­පා­ලන අධ්‍යක්ෂ, නීතිඥ ජනක රණ­තුංග, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පර­ණ­තන්ත්‍රි, සාමා­න්‍යා­ධි­කාරී සුමිත් කොත­ලා­වල, අති­රේක සාමා­න්‍යා­ධි­කාරී වී. එස්. බොයිස්, සමා­ගම් ලේකම් සුදර්ශී හේවා­ව­සම්, නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී (දැන්වීම්) චින්තක යාපා මහ­ත්ව­රුන් ඇතුළු සුබ­සා­ධන අංශයේ නිල­ධා­රීහු ද මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.


Top Stories
wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා

wedivistara

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි, වෙන් වෙන්නත් කැමතියි - බැසිල්

wedivistara

BMW රථ 1728 ක් ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ​ව නව විමර්ශනයක් කිරීම​ට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණයෙන් නියෝ​ග

wedivistara

සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන CID යට පැමිණිල්ලක්

wedivistara

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

wedivistara

සමහරු මට බනිනවා මං කරන්නේ බෙදන එකලු - සජිත් ප්‍රේමදාස

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT