International

ඉන්දියාවේ Aditya – L1 හිරුට ඉතා ආසන්නයි

Saturday, 06 January 2024 - 3:09 pm

ඉන්දියාවේ පළමු සූර්ය නිරීක්ෂණ මෙහෙයුම වන Aditya – L1 යානය පැය කිහිපයකින් ඔවුන්ගේ ගමනාන්තයට ළඟා වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ISRO නිවේදනය කර ඇත්තේ අද(06) Aditya – L1 යානය අභාවකාශයේ සිට සුර්යයා ඉතා ආසන්නයෙන් නිරීක්ෂණ කළ හැකි ස්ථානයක තැබීමට උත්සහ කරන බවයි.

Aditya – L1 යානය පසුගිය වසරේ සැප්තැම්බර් 2 වනදා කක්ෂගත කළ අතර එතැන් සිට සිට මාස හතරක් තිස්සේ යානය සූර්යයා දෙසට ගමන් කරමින් සිටිනවා.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බසින ලද පළමු රට බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත වීමෙන් පසු දින කිහිපයකින් Aditya – L1 යානය ගමන් ආරම්භ කළා.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ පාදක මෙහෙයුම නම් කර ඇත්තේ සූර්යයාගේ හින්දු දෙවියන් වන සූර්යයාගේ නමින් වන අතර ඔහු ආදිත්‍ය ලෙසින් හඳුන්වනවා.

එමෙන්ම L1 යනු Lagrange point 1 යන්නයි එනම් සූර්යයා සහ පෘථිවිය අතර යානය ගමන් කරන නිශ්චිත ස්ථානයයි.

අද දින Aditya – L1 මෙහෙයුම සාර්ථක වුවහොත් ඉන්දියාව සූර්යයා පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින තෝරාගත් රටවල් සමූහයකට එක්වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ආදිත්‍ය-L1 විසින් මේ දක්වා එවන ලද සූර්යයාගේ ඡායාරූප මගින් සූර්යයාගේ ප්‍රභාගෝලය සහ වර්ණගෝලය පිළිබඳ අවබෝධයක් ලබා දෙන බව ISRO පවසන අතර එම ඡායාරූප පහතින්,


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT