ගංවතුරට හසු වූ අඹුසැමි යුවළක් බේරාගනිමින් වීර ක්‍රියාවක් කළ චරිත්මා ජිනේන්ද්‍රී මාඉටිපේ දියණියට පාර්ලිමේන්තුවේ ගෞරවය සහ ප්‍රණාමය පුද කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) ප්‍රකාශ කළේය.
එමෙන්ම පාදුක්ක සිරි පියරතන විදුහලේ 17 හැවිරිදි මේ දැරියගේ සියලු දේ ගංවතුරෙන් අහිමි වී ඇති බැවින් ඇයට ජනාධිපති අරමුදලෙන් යම් ආධාරයක් පිරිනමන ලෙසද විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසීය: සිරි පියරතන විදුහලේ චරිත්මා සිසුවියගේ ක්‍රියාව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණා. සිරි පියරතන විදුහල බස්නාහිර පළාතේ පාසලක්. මමත් ඒ සිසුවිය ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කරන බව දැනුම් දෙනවා.