Local

DIGIECON ගෝලීය ආයෝජන සමුළුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට සුවිශේෂි අවස්ථාවක් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Saturday, 11 May 2024 - 7:48 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු ලබන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව – 2024 (DIGIECON Global Investment Summit) මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින තරුණ තරුණියන්ට ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

මෙම සමුළුව තුළින් විදෙස් ආයෝජන රැසක් මෙරටට ලබාගත හැකි වනු ඇති බවත්, එමඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව සඳහන් කර සිටියේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ශ්‍රි ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා සිදු කරනු ලබන “DIGIECON 2023” ව්‍යාපෘතිවට සමගාමීව පැවැත්වෙන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

“DIGIECON- 2023” ව්‍යාපෘතියට සමගාමීව පැවැත්වෙන DIGIECON ගෝලීය ආයෝජන සමුළුව ජූනි මස 25 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ ආකාරයට ඩිජිටල් ආයෝජන සමුළුවක් පැවැත්වීමෙන් අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා දියත් කර ඇති DIGIECON ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමයි. විශේෂයෙන් මේ හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත තරුණ තරුණියන්ට වගේම පාසල් දරුවන්ටත් තම ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට කදිම අවස්ථාවක් උදාවෙනවා.

මෙවර මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන යාමට අප බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙරට තුළ ආයෝජනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට අවස්ථාව හිමි වනවා. එම අයෝජන තුළින් අප රටේ සිටින විශේෂ දක්ෂතා සහිත තරුණ තරුණියන් විශේෂ අවස්ථාවක් හිමි වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තුළින් අද වන විට රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙන අතර උද්ධමනය ද පහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට තුළ ආයෝජන සඳහා යහපත් පසුබිමක් නිර්මාණය වී තිබෙන බව පැහැදිලියි. එබැවින් මෙම සමුළුව හරහා විදෙස් ආයෝජන රැසක් ලබාගත හැකි වනු ඇති බවත්, එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාව ලැබෙන බවත් අප විශ්වාස කරනවා.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි සචින්ද්‍ර සමරරත්න,

මේ ආකාරයේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමේ අරමුණ අප රටේ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමේ අපේක්ෂාවයි. ඒ වගේම මෙරට තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු ආයතන 850කට වැඩි ප්‍රමාණයක් ව්‍යාප්ත වී තිබෙනවා. දැනටමත් ඇතැම් තරුණ තරුණියන් තම ආයතන හරහා ජාත්‍යන්තර මට්ටමේ ආයතනවල ආයෝජන ලබාගෙන තිබෙනවා. ලෝකයේ ප්‍රමුඛතම ආයතන සමඟ කටයුතු කරන පිරිස් අප රටේ සිටිනවා. එම තත්ත්වය තවදුරටත් වර්ධනය කළ යුතුයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කියන්නේ විශාල ගෝලීය වෙළඳපොළක් බව කිව යුතුයි. එනිසා එහි වැඩි ආයෝජන ප්‍රමාණයක් මෙරටට කැඳවා ගත යුතුයි. ඒ වෙනුවෙන් විශේෂයෙන් තරුණ ප්‍රජාව දිරිමත් කිරීමද මෙම සමුළුව හරහා අපේක්ෂා කරනවා.

ආයෝජකයින් ආකර්ශනය කර ගත හැකි නව්‍ය ව්‍යාපාර මෙරට තිබෙනවා. ගෝලීය වශයෙන් ආයෝජන අත්පත් කර ගැනීමේ හැකියාවද අපට තිබෙනවා. ඒ සඳහා මෙරට විහිදී තිබෙන තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයට අප අඩිතාලමක් දැමිය යුතුයි. මේ සඳහා රාජ්‍ය දායකත්වය ලැබී තිබෙනවා. විශේෂයෙන්ම අමාත්‍යාංශ මට්ටමේ සිට තානාපති කාර්යාල දක්වා ආයතනමෙම කටයුත්ත සඳහා සහයෝගය ලබාදෙමින් සිටිනවා. ඒ වගේම පෞද්ගලික ආයතන රැසක් ද මේ වෙනුවෙන් සහාය ලබාදීම පිළිබඳ සතුටු විය හැකියි.

මෙම අවස්ථාවට තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග, MasterCard ආයතනයේ කළමනාකරු සඳුන් හපුගොඩ (ශ්‍රී ලංකාව සහ මාලදිවයින), FITIS ආයතනයේ සභාපති ඉන්දික ද සොයිසා, SLASSCOM ආයතයේ උප සභාපති නිශාන් මෙන්ඩිස්, BCS ආයතනයේ සභාපති ඇලන්සෝ ඩෝල්, CSSL ආයතයේ සභාපති ආචාර්ය අජන්තා අතුකෝරල ඇතුළු පිරිසක් සහභාගී වි සිටියහ.


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT