Local

පාස්පෝට් අවුලේ මුල එළියට

Monday, 02 September 2024 - 9:38 am

වසර 21ක් ටෙන්ඩර් දී නෑ

පුද්ගලික සමාගමකට අමතර ගාස්තු

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වසර 21ක් පමණ කාලයක සිට ටෙන්ඩර් කැඳවීමකින් තොරව සැපයුම් දිගු ලබා දෙමින් ප්‍රසම්පාදන කාර්යයෙන් බැහැරව එකම ආයතනයකින් හිස් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

හිස් ගමන් බලපත්‍රවල අවශ්‍යතාව සැලකිල්ලට නොගෙන මිල දී ගැනීම් සිදු කර තිබුණි. මේ හේතුවෙන් නිකුත් කිරීමට අවශ්‍ය ගමන් බලපත්‍ර සංඛ්‍යවේ අවශ්‍යතාවයට අනුව හිස් ගමන් බලපත්‍ර නොමැතිවීම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට මූලික හේතුවක් වී තිබුණි. හිස් විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමට මෙකී පුද්ගලික ආයතනය 2003 වර්ෂයේ දී තෝරාගෙන තිබුණි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හිස් ගමන් බලපත්‍ර නියමිත කාලයේ දී ගෙන්වා නොගැනීම නිසා ඇති වූ හිස් ගමන් බලපත්‍ර හිඟය නිසාවෙන් දෙපාර්තමේන්තුවට අතිරේක වියදමක් දැරීමට සිදු වී තිබුණි. හිස් ගමන් බලපත්‍ර හිඟය හේතුවෙන් ගමන් බලපත්‍ර ගුවන් මගින් ගෙන්වීමට ගුවන් භාණ්ඩ ප්‍රවාහනය, ලේඛන හා අමතර වැඩ ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 33,672.35ක මුදලක් පෞද්ගලික ආයතනයක් වෙත ගෙවා තිබුණි.

එමෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වෙත ඉකුත් වර්ෂයේ විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් 321,216ක් ලැබී තිබුණි. මින් නිකුත්කොට ඇත්තේ විදේශීය ගමන් බලපත්‍ර 198,592කි. ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට 62ක් පමණක් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT