Local

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට

Friday, 10 November 2023 - 6:17 pm

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350ක්, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300ක්, බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75ක් ලෙස වාර්ෂික ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 925ක් මෙලෙස මහා භාණ්ඩාගාරයට පිරිනමා තිබේ.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT