Local

ජුනි මාසය වනවිට පාසල් 3,000 ඩිජිටල්කරණයට‍

Monday, 05 February 2024 - 7:48 pm

අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කරදීම බවත්, එහි එක් පියවරක් වශයෙන් එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඒ අනුව නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි. ඒ අනුව, මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000 ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවත්, අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන බවත් (Smart Interactive Board) අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. මීට සමගාමී ව සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන යාවත්කාලීන කර ඇති බව ද, අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මීට වසර එකහමාරකට පෙර රට පුරා තෙල් පෝලිම් පැවති, විදුලිය කප්පාදු වූ, ගෑස් නොතිබුණු, පාසල් වසා තිබූ අභියෝගාත්මක කාලවකවානුවක අධ්‍යාපන විෂය භාර අමාත්‍ය ධුරය තමා භාරගත් බවත්, එම තත්වයෙන් අත්මිදෙමින් නැවත ක්‍රමවත් ව පාසල් පද්ධතිය පවත්වාගෙන යාමට ඉතා කෙටි කාලයක් තුළ අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගැනීමට හැකි වූ බවත් සිහිපත් කළ අමාත්‍යවරයා, දරුවන් වෙනුවෙන් රටේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කරලීම සඳහා සියලු‍ දෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය වන බව ද, ඉදිරි සති කිහිපය තුළ රටේ සෑම පළාතකට ම ගොස් මේ සම්බන්ධයෙන් සියලු‍ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට තමා අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහි දී සම්මානිත මහාචාර්ය විද්‍යාඥ සිවා සිවනාදන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් එම විද්‍යාලයට සුහුරු පුවරු ලබා දීම ද සිදුවිය. මේ අවස්ථාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද, හින්දු විද්‍යාලයේ විදුහල්පති ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT