Local

රුසියානුවන් ලබන මාසේ තව තවත් ලංකාවට එනවාලු

Saturday, 27 January 2024 - 8:47 pm

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා අතර හමුවක් හිටපු ජනපති නිල නිවසේදී පැවැත්විණි.

දැනට මෙරට පවතින දේශපාලන තත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන තත්වය පිළිබඳවත් රටවල් දෙක අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳවත් එහිදි සාකච්ඡා කෙරිණි.

රුසියානු රාජ්‍යයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂාකරන බවත් එහිදී හිටපු ජනාධිපතිතුමා පැවසීය.ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක රුසියාව ලබාදුන් සහය පිළිබඳව තමන් කෘතවේදී වන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් රුසියානු තානාපතිතුමාට ස්තුතිය පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ නොබැදි විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළේය.

තානාපතිතුමන් අදහස් පළ කරමින් සඳහන් කළේ ලබන පෙබරවාරි මාසය වනවිට ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට රුසියාව පත්වනු ඇති බවයි.

ඉදිරියටත් දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT