Local

රාජ්‍ය ඇමති සනත් නිශාන්තට මරු කැදවූ අනතුරට අදාළව කන්ටේනරයේ රියදුරු පොලිස් භාරයට

Thursday, 25 January 2024 - 5:40 pm

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ අද(25) අලුයම 2.00ට පමණ සිදු වූ රිය අනතුරකින් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කන්ටේනර් රථයේ රියදුරුව පොලිස් භාරයට ගෙන ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සදහා ඔහු මෙලෙස පොලිස් භාරයට ගත් බව අධිවේගී මාර්ග පොලිස් ඒකකය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබිය දී කන්ටේනර ප්‍රවාහන රථයකට ඉස්සර කිරීමට යාමේ දී එම රථයේ ගැටී අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාල ලබා සිටි රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තිදෙනකු රාගම රෝහලට රැගෙන ගිය ද රෝහලට රැගෙන යනවිටත් අමාත්‍යවරයා සහ ආරක්ෂකයා මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

1975 වර්ෂයේ උපත ලබා ඇති රාජ්‍ය අමාත්‍යවරයා මියයනවිට 48 වැනි විය ඉක්මවා සිටියේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT