Local

‘සුර­ක්ෂිත හෙටක්’ දීප ව්‍යාප්තව ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම්

Monday, 22 January 2024 - 9:08 am

පාසල් ප්‍රජාව තුළ මත්ද්‍රව්‍ය නිවා­ර­ණය කිරී­මට සම්ප­ත්දා­ය­ක­යන් ලෙස තරුණ ප්‍රජාව සම්බන්ධ කර­ගැ­නීමේ ‘සුර­ක්ෂිත හෙටක්’ දීප ව්‍යාප්ත වැඩ­ස­ට­හන යටතේ සර­සවි සිසුන් සහ යෞවන සමාජ තරුණ තරු­ණි­යන් බඳවා ගැනීමේ සමා­ර­ම්භක වැඩ­ස­ට­හන වැඩ බලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මහ­ර­ගම ජාතික තරුණ සේවා සභා ශ්‍රව­ණා­ගා­රයේ දී පෙරේදා (20) පැවැ­ත්විණි.

යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව ශ්‍රී ලංකා පොලි­සිය, අන්ත­රා­ය­කර ඖෂධ පාලක මණ්ඩ­ලය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව මේ වැඩ­ස­ට­හන සංවි­ධාන කර තිබුණි. ඒ සඳහා කැල­ණිය, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර හා කොළඹ සර­ස­වි­වල සිසුන් මෙන්ම ජාතික තරුණ සේවා සභා­වට අනු­බද්ධ යෞවන සමාජ සාමා­ජි­ක­යන් ඇතුළු තරුණ තරු­ණි­යන් 300 දෙනකු සම්බන්ධ කර­ගෙන තිබේ. එහි පළමු වැඩ­ස­ට­හන ලබන 05 වැනිදා පාසල් ආරම්භ වීමත් සමඟ කොළඹ රාජ­කීය විද්‍යා­ල­යෙන් ආරම්භ කිරී­මට නිය­මි­තය.

මෙහි පළමු අදි­යර බස්නා­හිර පළා­තෙන් මෙසේ ආරම්භ කළ අතර, ඉදි­රි­යේදී දිව­යිනේ සිය­ලුම දිස්ත්‍රික්ක නියෝ­ජ­නය වන පරිදි මෙලෙස කණ්ඩා­යම් බඳ­වා­ගෙන දීප ව්‍යාප්තව ‘සුර­ක්ෂිත හෙටක්’ ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තය.

මෙදින වැඩ­ස­ට­හනේ අර­මුණ පැහැ­දිලි කිරීම ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් පසිඳු ගුණ­රත්න මහතා විසින් සිදු කළ අතර, නෙල්ලි­ගල ජාත්‍ය­න්තර බෞද්ධ මධ්‍ය­ස්ථා­නයේ විහා­රා­ධි­පති කූර­ගල ආරාම සේනා­ස­නයේ භාර­කාර වතු­ර­කු­ඹුරේ ධම්ම­ර­තන නාහිමි, කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති රොෂාන් රාජ­පක්ෂ, ජාතික අන්ත­රා­ය­කර ඖෂධ පාලක මණ්ඩ­ලයේ සභා­පති, නීතිඥ ශාඛ්‍ය නානා­ය­ක්කාර මහ­ත්වරු උත්සව සභාව ඇමැ­තූහ.

එහිදී සභාව ඇමතූ වැඩ බලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා මෙලෙස කියා සිටි­යේය.

“පාස­ල්වල මත්ද්‍රව්‍ය නිවා­ර­ණය කිරී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළට ශක්ති­යක් වෙමින් අන්ත­රා­ය­කර ඖෂධ පාලක මණ්ඩ­ලය, ජාතික තරුණ සේවා සභාව සහ පොලි­සිය එක්ව ‘සුර­ක්ෂිත හෙටක්’ නමින් වැඩ­ස­ට­හ­නක් ආරම්භ කළා. ඒ සඳහා විශ්ව­වි­ද්‍යාල සිසුන් සහ යෞවන සමාජ නියෝ­ජ­නය කරන තරුණ තරු­ණි­යන් 300 දෙනකු සම්බන්ධ කර­ගෙන මේ වැඩ­ස­ට­හන පව­ත්ව­නවා. මේ වැඩ­ස­ට­හන ආචාර්ය මහා­චා­ර්ය­ව­ර­යකු පාසල් දරු­වකු ඉදි­රි­පි­ටට ගොස් මත්ද්‍රව්‍ය නිවා­ර­ණය කර­න්නැයි පැය දෙක තුනක දේශන පව­ත්ව­න­වාට වඩා මේ තරුණ තරු­ණි­යන් පාසල් සිසුන් ළඟට ගොස් මත්ද්‍ර­ව්‍ය­යෙන් ඈත් වන ලෙස කෙරෙන ඉල්ලීම ප්‍රායෝ­ගි­කව ඵල­දායී ප්‍රති­ඵ­ල­යක් ලෙස ගත හැකි බවට සමී­ක්ෂ­ණ­ව­ලින් හෙළිවී ඇති නිසා මේ වැඩ­ස­ට­හන මෙසේ ආරම්භ කළා.

ඒ අනුව ලබන 05 වැනිදා කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ හය වස­රෙන් ඉහළ පන්ති­වල සිසු­න්ගෙන් ආරම්භ කර එය දිව­යින පුරා පැවැ­ත්වී­මට නිය­මි­තයි. මේ වැඩ­ස­ට­හන ආරම්භ කිරී­මට අද­හස් කළේ රට පුරා ක්‍රියා­ත්මක යුක්තිය වැඩ­ස­ට­හ­නට අත්වැ­ලක් වීම­ටයි. එයින් මේ වෙන­කොට මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් සිය­යට හැට­ප­හක් හිරේට යවලා ඉව­රයි. ඉතුරු ටිකත් වැඩි දවස් යන්න කලින් අත්අ­ඩං­ගු­වට ගෙන මේ ජාවා­රම රටින් අතුගා දාන්න පිය­වර ගන්නවා.

ඒ තුළින් මත්ද්‍රව්‍ය සැප­යුම සහ ඉල්ලුම පහළ යනවා. එහිදී අපේ අපේ­ක්ෂා­වන් සපුරා ගත හැකියි. මේ වෙන­කොට විශාල ප්‍රමා­ණ­යක් අපි පුන­රු­ත්ථා­ප­නය කිරී­මට පිය­වර ගන්නවා. ඒ සඳහා ලබන මස වන විට ප්‍රජා­පා­දක පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථාන 300ක් ආරම්භ කරන්න දැන­ට­මත් සැල­සුම් කර තියෙ­නවා. පොලිස් වසම් දෙක­කට එක මධ්‍ය­ස්ථා­න­යක් ලෙස පටන් ගෙන පනස් දෙනකු බැගින් පුන­රු­ත්ථා­ප­නය කිරී­ම­ටත් නිය­මි­තයි. ඒ සෑම ස්ථාන­ය­කම ආග­මික සිද්ධ­ස්ථා­න­ය­කුත් සම්බන්ධ කර­නවා.”

මීට සම්බන්ධ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට වැඩ බලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් පසිඳු ගුණ­රත්න මහ­ත්ව­රුන් අත්සන් තැබීය. ඊට අම­ත­රව මත්ද්‍රව්‍ය නිවා­ර­ණය පිළි­බඳ සිංහල හා දමිළ මාධ්‍ය­යෙන් සෑම දිස්ත්‍රි­ක්ක­යක්ම නියෝ­ජ­නය කර­මින් පැවති දැන්වීම්, පෝස්ටර් සහ වීඩියෝ දර්ශන නිර්මා­ණය කිරීමේ තර­ගා­ව­ලියේ ජය­ග්‍රා­හ­ක­යන්ට සහ­තික හා මුදල් ත්‍යාග දීම සිදු විය.


Top Stories
wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

wedivistara

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT