Local

ජීවිත ආරක්ෂාවට එක් අයෙකුට එක් ගිනිඅවියක් පමණයි -ආරක්ෂක අමාත්‍යාංශය

Wednesday, 04 December 2024 - 8:00 pm

පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් ගිනිඅවියක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව එම පියවර ගත් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

එක් පුද්ගලයෙකු සඳහා එක් ගිනිඅවියකට වැඩියෙන් භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් එම විශ්ලේෂණයෙන් අනතුරුව තවත් ගිනිඅවියක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන්න අවසන් තීරණය ගැනීම ආරක්ෂක අමාත්‍යාංශය සතු වන බව සඳහන්.

සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධයෙන් වන සමීක්ෂණ මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරෙනවා.

සිවිල් පුද්ගලයින් සඳහා ගිනිඅවි 1,500කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර ඇතැම් පුද්ගලයින්ට එක් ගිනිඅවියකට වඩා වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවට ද තොරුතුරු අනාවරණය වී තිබෙනවා.

සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි යළි ලබා දෙන ලෙස මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණා.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT