Local

හිටපු මන්ත‍්‍රී පැහැර හැර තිබූ ලක්‍ෂ පනහක් වහා ගෙවයි..

Sunday, 29 September 2024 - 9:16 am

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහු බස්නාහිර පළාත් සභාවට ගෙවා අවසන් කර ඇත.

සහන් ප්‍රදීප් මහතාගේ පාවිච්චිය සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් 2021 වර්ෂයේ දී ලබා දී තිබූ අතර එය 2022 වර්ෂයේදී අනතුරකට ලක් වීමෙන් දැඩි ලෙස හානිවී තිබිණ.

රුපියල් කෝටි දෙකකට ආසන්න මෙම හානියට අදාළව රක්ෂණ සමාගමෙන් එක්කෝටි තිස් ලක්ෂයක පමණ වන්දි මුදලක් ගෙවා තිබූ අතර සහන් ප්‍රදීප් මහතා ගෙවා අවසන් කර ඇත්තේ එහි ඉතිරි මුදල බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

අනතුරෙන් පසු මෙම වාහනය කාලයක සිට තිබී ඇත්තේ කොළඹ ගරාජයකය.

මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ. විජයසිංහ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ එම වාහන අනතුරට අදාළ මෙතෙක් නොගෙවා තිබූ ඉතිරි වන්දි මුදල හිටපු මන්ත්‍රීවරයා ගෙවා අවසන් කළ බවයි.

මෙම අනතුර සහ ඊට අදාළ වන්දි මුදල සම්බන්ධ කාරණය විගණන වාර්තාවල ද පසුගිය කාලයේදී සඳහන්ව තිබිණ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT