International

ගුජරාට් ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී 12 දෙනෙකු මරුට – පාසල් සිසුන් 10ක් ඒ අතර

Friday, 19 January 2024 - 9:19 am

පාසල් විනෝද චාරිකාවක නිරත වෙමින් තිබූ තිබූ බෝට්ටුවක් පෙරළී සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු බටහිර ඉන්දියාවේදී දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුජරාට් ප්‍රාන්තයේ Vadodaraහි Ha i විලෙහි සිදුවූ මෙම සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අනතුර සිදුවූ අවස්ථාවේ බෝට්ටුවේ පුද්ගලයින් 27 දෙනෙකු පමණ සිටි බව සඳහන්.

මේ වනවිට පුද්ගලයන් හත් දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර ඔවුන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එමෙන්ම බෝට්ටු සවාරියේදී විපතට පත් වූවන්ට ජීවිතාරක්ෂක ජැකට් ලබා දී නොමැති බවයි ගුජරාට් පොලිසිය සඳහන් කරන්නේ.

ගුජරාට් ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් පවසන්නේ මියගිය අයගේ පවුල්වලට ප්‍රාන්ත රජය මගින් ඩොලර් 4,800ක් සහ අනතුරෙන් තුවාල ලැබූවන්ගේ පවුල් සඳහා ඩොලර් 600 ලබාදීමට කටයුතු කරන බවයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT