Local

වැඩිම මන්ත‍්‍රීලා ඉන්න සන්ධානයක් හදයි.. රනිල්ට සහාය දෙයි..

Thursday, 05 September 2024 - 10:02 am

ශ්‍රී ලංකා දේශපාලනයේ නව දිශානතියක් වෙනුවෙන් පුළුල් වූ නව දේශපාලන සන්ධානයක් එළිදැක්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකු දේශපාලන පක්ෂ නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (05) දිනයේදී සිදු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ අනාගතවාදීව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් එම සංධානය එළි දක්වන බවයි.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට අද (04) දින එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේද පැවසීය,

ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ දේශපාලන මතවාද නියෝජනය කරන පක්ෂ රැසක සහභාගිත්වයෙන් ගොඩනැගෙන පුළුල් සංධානය එළි දැක්වීමේ කටයුත්ත හෙට උදෑසන 09ට වෝටර්ස් ඒජ් හෝටලේදී සිදු කරනවා.

වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන තත්ත්වයන් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතර මන්ත්‍රීවරු තවත් පක්ෂ ගණනාවක් මේ සඳහා එක්ව අනාගතවාදීව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම අරමුණින් සංධානගත වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන මන්ත්‍රීවරු ඉදිරියේදී ගන්නා දේශපාලන ස්ථාවරය පිළිබඳව කුකුසක් මේ රටේ ජනතාවට තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ කටයුතු කළ බහුතරයක් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කළා. ඔවුන් වාමවාදී මධ්‍යස්ථ මත දරණ පිරිසක්. ඒ සියළු දෙනා අනාගතයේදීත් එම මධ්‍යස්ථ දේශපාලන මතය දරමින් ශ්‍රී ලාංකික ජනතාවට සේවය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා දේශපාලන වේදිකාවක අත්‍යවශ්‍යතාවයක් ඇතිවුණා. ඒ වේදිකාව නිර්මාණය කර ගැනීමේ අරමුණින් තමයි මේ පුළුල් සංධානය ගොඩනැගීමට තීරණය කළේ. ඉදිරි මැතිවරණවලදී එක කණ්ඩායමක් ලෙස සමාන අදහස් හා ප්‍රතිපත්ති ඒ කණ්ඩායම සමඟ එකතු වෙලා කටයුතු කිරීම අරමුණ වෙනවා.

ජනධිපතිවරණ මැතිවරණ සටන දැනටමත් ඇරඹිලා තිබෙන නිසා අපේ ඊළග ඉලක්කය අපිට මැතිවරණය සහ ස්ථාවර දේශපාලන පදනමක් දීර්ඝ වශයෙන් ගොඩනගා ගැනීමයි. සමාන මතයන් සහිත පිරිසක් එකට එකතු වෙලා ඉන්නවා. ඉදිරියේදී පොදුජන එක්සත් පෙරමුණේ කැමති අය අපි සමග එකතු වෙන්නත් පුළුවන්. මේ සන්ධානයේ සෑම කෙනෙක්ම වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කටයුතු කරන අය. මේක අනාගතවාදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. අනාගත දේශපාලන ප්‍රවාහයන් නියෝජනය කරන කණ්ඩායමක්. යම් දේශපාලන පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදය අවුල් සහගත වෙලා තියෙනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව නූතන ජනවාදීන්ගෙන් යුක්ත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යූහයක් නිර්මාණය කිරීම.

පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණයේ පරණ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් තීන්දුවක් ගත්තා. ඒ තීන්දුවේ මූලික හරය තමයි මැතිවරණය පවත්වන වර්ෂයට පෙර වර්ෂයේ ඡන්ද නාමලේඛනය අනුව මැතිවරණය පැවැත්විය යුතුයි කියන කාරණය. වර්තමානයේ පවතින තත්ත්වය යටතේ පරණ නාමයෝජනා පැරණි ඡන්ද ලයිස්තුව යටතේ ඡන්ද පැවැත්වුවහොත් ලක්ෂ නවයකට ආසන්න පිරිසකට ඡන්ද අයිතිය අහිමි වෙනවා. ඡන්ද අයිතිය වගේම තරුණ ප්‍රජාවට මැතිවරණ තරග කිරීමත් අහිමි වෙනවා. ඒක මානව අයිතිවාසිකම් කඩකිරීමක් හා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමක්. මේ කාරණා සැලකිල්ලට ගෙන එම පණත සංශෝධනය කර එම මැතිවරණ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුනා. මේ සදහා කිසිදු නීතිමය බාධාවක් නෑ.”

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,

“රටේ පොදුජනතාවගේ අවශ්‍යතාවයක් හෙට දිනයේදී සම්පූර්ණ කරනවා. සියලු ජාතීන්ට එකට එකතුවෙලා මේ රටේ යුගය වෙනස් කිරීමට හැකි නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම තමයි හෙට සිදු කරන්නේ. වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් හා හිටපු පළාත් පාලන නියෝජිතයන් බහුතරය නියෝජනය කරන සංධානය මෙය වෙනවා.”

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,

“මේ දේශපාලන රාමුවෙන් ඔබ්බට ඇවිල්ලා රට ඉල්ලන රට දිනවන ශක්තිමත් එකමුතුවක ආරම්භය හෙට දිනයේදී සනිටුහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අලුත් පරම්පරාව නියෝජනය කරන දේශපාලඥයින් පිරිසක්. රටේ නව දේශපාලන සංස්කෘතියක් ඉල්ලනවා. ඒ සඳහා ලොකු අවස්ථාවක් තියෙනවා. දේශපාලන පක්ෂ ගණනාවක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන විශාලම පිරිස ඒ සමඟ සිටිනවා. රටේ ජනතාව ඉල්ලන මැද නියෝජනය කරන දේශපාලන වටපිටාවක් නිර්මාණය කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. ඒ වගකීම ඉටු කරන්න අපි හෙට දිනයේදී කටයුතු කරනවා.”


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT