Local

රාත්‍රි සමාජ ශාලා ගැටුමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු භාරවෙයි

Wednesday, 26 March 2025 - 9:57 pm

කොළඹ යුනියන් පෙදෙසේ රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර වී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට අදාළ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (25) දිනයේදී පැය තුනකට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් යෝෂිත රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

රාත්‍රි සමාජ ශාලාවේ ඇතිවූ ගැටුමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් හඳුනාගෙන තිබුණු බවයි සඳහන් වන්නේ.

එම ගැටුමෙන් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක්ව තිබුණු අතර, එහිදී තුවාල ලැබූ ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT