ඊයේ දින පැවති ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේදී එම ජනතාව එළඹෙන මහ මැතිවරණ ගැන අනාවැකියක් පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
මුළු රටෙන්ම එකසිය විසි පහකට වැඩි පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එන බවට ඇල්පිටියෙන් පණිවිඩය ලබාදී ඇතැයි ද ඔහු කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මහ මැතිවරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.