Local

56 විප්ලවය ප්‍රතිනිර්මාණය කරන අයුරු දිලිත් කියයි

Sunday, 20 October 2024 - 10:10 pm

1956 වසරේ බණ්ඩාරනායක විප්ලවය, සර්වජන බලය විසින් යළි ප්‍රතිනිර්මාණය කරන බව සර්වජන බලයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළකළේ මහ මැතිවරණය වෙනුවෙන් සර්වජන බලය පවත්වන ජන හමු මාලාවේ තවත් අදියරක් ලෙස අද (20) හොරණ පැවති ජන හමුවක් අමතමිනි. 

සර්වජන බලය බණ්ඩාරගම ප්‍රධාන සංවිධායක සංජීව කුලතිලක මහතා එය සංවිධාන කර තිබූ අතර ඊට පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහ කලුතර දිස්ත්‍රික් අපේක්ෂකයින් රැසක් එක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  සර්වජන බලයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, 

'මම සුබ ප්‍රාර්ථනා කරනවා. අපේ කාලේ දේශපාලඥයෙක් හැටියට අපි වගේ ග්‍රාමීය පරිසරයකින් ඇවිල්ලා කොයිහරි විදියකට ජනාධිපති වුණා. ඉතාම පැහැදිලිව දැන් වැඩපිළිවෙලක් නැති බව තහවුරු වෙලා තියෙන්නේ. අපේ එඩිතර විපක්ෂය ඇවිල්ලා සද්භාවයේ විපක්ෂයක්. ජනාධිපති වැටෙනතුරු බලන් ඉන්නේ නෑ. ඔහු වැටුනොත් වැටෙන්නේ අපේ මාතෘ භූමිය. ඉතින් ඒකට තියෙන එකම විසඳුම ව්‍යවසායකත්ව සංකල්පය. මේ බණ්ඩාරනායක මහත්තයා 1956 කරපු විප්ලවයේ නැවත නැගිටීම තමයි සර්වජන බලය. ඉතිහාසය යළි ලියනවා. අපි නැවත ලියනවා පරාර්ථකාමී දේශපාලනයක්. තමන්ගේ බඩ වඩා ගන්න කරන ඒ දේශපාලනය අපි අවසන් කරනවා. ඒක තමයි අපේ ප්‍රතිඥාව.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT