Local

දේශබන්දු සම්බන්ධව පවත්වන විමර්ශන කමිටුව අදත් රැස්වෙයි

Tuesday, 17 June 2025 - 10:45 am

දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (17) දිනයේත් පෙ.ව. 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ මෙම පරීක්ෂණ කමිටුවට ඊයේ (16) දිනයේදී තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් සාක්ෂි ලබා දී තිබෙනවා.

පසුගිය 11 වැනිදා සාක්ෂි ලබාදීම අවසන් කිරීමට නොහැකි වූ සාක්ෂිකරුවෙකු ද ඊයේ පැමිණි අතර, ඔහුගේ සාක්ෂි ලබාගැනීම අවසන් කර, පසුව එම සාක්ෂිකරුවන් තිදෙනාගෙන් සාක්ෂි ලබාගැනීම සිදුකර තිබෙනවා.

මෙහිදී පරීක්ෂණ කමිටුව විසින් ද, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් හා ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා විසින් ද, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම විසින් ද සාක්ෂිකරුවන් ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 


 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT