Local

රාජපක්‍ෂ සමයේ බරපතල අපරාධයක CID ලිපි ගොනු අතුරුදන්..

Wednesday, 04 December 2024 - 8:13 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබු රාජපක්ෂ සමයේ දී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වූ ලිපි ගොනු අස්ථානගත වීමක් පිළිබඳ චෝදනා එල්ල වෙයි.

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් අමානුෂික වද බන්ධනයන්ට ලක් කොට බරපතල තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණයේ වැදගත් ලිපි ගොනු කිහිපයක් මෙලෙස අතුරුදන් වී ඇති බව පෝද්දල ජයන්ත මහතා සදහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ තමන්ට එරෙහිව සිදුවූ අපරාධය සම්බන්ධයෙන් නැවත වතාවක් පැවැත්වෙන පරීක්ෂණ සම්බන්ධ ප්‍රගතිය විමසමින් ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදීය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඊට අදාල තවත් තොරතුරු හෙළිකර තිබුණි.

දේශපාලන සරණාගත භාවය ලැබ මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින ජයන්ත මහතා මීට පෙර 2017 වසරේ දී ත් ශ්‍රී ලංකාවට පැමිණ තමන්ට එල්ලවූ ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලබා දී තිබේ.

ඔහු පවසන්නේ 2009 වසරේ තමන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ 2017 වසර වන විට පවා නිසි පරීක්ෂණ සිදුව නොතිබුණු බවයි.

එමෙන්ම රට තුළ සිදුවූ සාපරාධී ක්‍රියා රැසක් සම්බන්ධ සාක්ෂි මේ වන විට විනාශ වීමේ අවධානමක් පවතින බවද ඔහු මෙම සාකච්ඡාවේදී හෙළිකරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT