Local

වගා හානි සදහා ගෙවන රක්ෂණ වන්දි මුදල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

Wednesday, 21 August 2024 - 12:42 pm

වගා හානි සදහා අක්කරයකට ගෙවන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්කර තිබෙනවා.

වගා හානි වන්දි ලබා දීමේ දී දැනට අක්කරයක් සඳහා රජය විසින් නොමිලයේ ගෙවනු ලබන රුපියල් 40,000ක මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරන්නැයි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

ඒ අනුව වගා හානි සිදුවන හෙක්ටයාර් එකකට රුපියල් 250,000ක වන්දි මුදලක් හිමිවීමට නියමිත බව සඳහන්.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මේ වනවිටත් වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් 100,000ක් වශයෙන් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් තමන් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවත් සඳහන් කළා.

මෙම වගා හානි වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නියඟය, ගංවතුර හා වන සතුන්ගෙන් සිදුවන වගා හානි සඳහා වන්දි ලබා දීම සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT