Local

ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න අනුර සුදානමින්

Monday, 16 September 2024 - 11:59 pm

රටේ වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමට තම රජයක් යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය පවත්වන ජන රැලි මාලාවේ තවත් අදියරක් නාවලපිටියේදී පැවැත්වුණේ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

'මේ ඉතාමත් කැත පන්නයේ දේශපාලන සංස්කෘතියක් තිබෙන්නේ. මේ රට හදන්නට නම් මේ කැත දේශපාලනය වෙනස් කරන්නට ඕනේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කැත දේශපාලන පිටිය සුද්ද කරන්නට පටන් ගන්නවා. පැන්නොත් මන්ත්‍රීකම අහෝසියි. පාර්ලිමේන්තුව විසුරුව හැරලා මාස එකහමාරක් වැනි කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය තියනවා. ජනාධිපති ඡන්දෙ දී අපිට පුළුවන් රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක විදියට තියන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන් මන්ත්‍රීවරුන් 150ට වඩා වැඩි පිරිසක් ලබන පාර්ලිමේන්තුවේ නෑ. මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍රය අහෝසි කරනවා. ඇමතිවරුන්ට ගෙවල් දෙන එක අහෝසි කරනවා. ඇමති නිවාසවල බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ නෑ. මන්ත්‍රීවරයාට සහ අමාත්‍යවරයාට තර්ජනයක් තිබුණොත් හැර පොලිස් ආරක්ෂාව දෙන්නේ නෑ. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. හිටපු ජනාධිපතිවරු ආණ්ඩුවෙන් බලාගන්නේ නැහැ. ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරනවා. මේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදියි. කවුරුත් එන්නේ නෑ මෙහෙම රටකට. මේ රටේ කීර්තිය ප්‍රතිරූපය යළි අපි ගොඩනඟනවා. ලංකාව රී බ්‍රෑන්ඩ් කරනවා. ලංකාව ගැන අලුතින් සන්නාමයක් හදන්න ඕනේ. අපි සැලසුම් හදලා තියෙන්නේ.'

මේ අතර ජාතික ජන බලවේගය සංවිධාන කළ තවත් ජන රැලියක් මාවනැල්ලේ දී පැවැත්විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT