මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවී තිබේ.
මෙරට අධ්‍යයන සංචාරයක නිරත වන මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන රියර් අද්මිරාල් Hu Gangfeng මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් පෙරේදා (18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවී තිබේ. එහිදී එම නිලධාරී කණ්ඩායම් ප්‍රධානී සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර නිල හමුවක් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.
මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් 41 දෙනකුගෙන් සමන්විත මේ නිලධාරී කණ්ඩායම ඊයේ (19) දක්වා මෙරට අධ්‍යයන සංචාරයේ නිරත විය.
ඒ අනුව මේ නිලධාරී කණ්ඩායම් ප්‍රධානී Rear Admiral Hu Gangfeng විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.