Local

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට අදාළ ජනපතිගේ තීරණයට කැබිනට් අනුමැතිය

Tuesday, 06 August 2024 - 10:57 am

රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන මඟින් නියාමනය කරනු ලබන තොරතුරු, තාක්ෂණ පද්ධති සහ දත්ත ඇතුළත් කිරීමෙන් කරුණු 4ක් යටතේ කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සංදේශයක් ඉදිරිපත් කර ඇත.

සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යටතේ මෙම කටයුත්ත සිදුකිරීමට නියමිත අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

ඒ අනුව, 

  • අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු හඳුනාගැනීම සඳහා ජාතික හැඳුම්පත් අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම.
  • දෙවනුව විදේශ පුද්ගලයෙකු හඳුනාගැනීම සඳහා ඔහුගේ විදේශ ගමන්බලපත්‍ර අංකය භාවිත කිරීම අනිවාර්ය කිරීම.
  • ආයතන අනෝන්‍ය වශයෙන් හඳුනාගැනීම සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය සහ එම ආයතන හිමිකරුවන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලවල දේශීය සාමාජිකයින්ගේ ජාතික හැඳුම්පත් අංකය හා විදේශ සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය කෙරේ.
  • අදාළ දත්ත විධිමත් පරිදි අනෙකුත් ආයතන සමග හුවමාරු කිරීමට හැකිවන පරිදි දත්ත ප්‍රමිතිකරණය සිදුකිරීම නියමිතයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT