Local

වෘත්තීය සමිති එක එක්කෙ­නාට කඩේ යන්න එපා

Saturday, 11 November 2023 - 2:19 pm

රට වැටී තිබෙන අවස්ථාවේ වෘත්තීය සමිති එක එක්කෙනාට කඩේ යන්න එපා යැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවෙන් පසුගියදා (08) කොළඹ සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“මේ රට වැටී තිබෙන අවස්ථාවේ රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. පාඩු ලබන රජයේ ආයතන නඩත්තු කිරීම ඉතා අසීරුයි. රටේ ආර්ථිකය නැවත වතාවක් කඩා වැටුණොත් අපිට පෝලිම්වලට වෙලා මැරෙන්නයි වෙන්නේ. අපි හැම ඓතිහාසික තැනක්ම හෝටල්වලට දෙන්න කියලා කියන්නෑ. ඒත් ආර්ථිකය ගොඩනඟා ගන්න ඩොලර් හොයාගන්න ප්‍රමුඛතාව දෙන්න ඕනේ. එනිසා වෘත්තීය සමිතිවලට කියනවා එක එක නායකයන්ට ඕනේ විදිහට හැසිරෙන්න එපා කියලා.
සීනි වංචාව පිළිබඳව දැන් කතා ඇහෙනවා. සුනිල් හඳුන්නෙත්ති කිවුවට ආසියාවටම සීනි දෙන්න පුළුවන් කියලා අපේ රටේ වුවමනාවෙනුත් 16%යි සපුරන්නේ. ආසියාවටම සීනි දෙන්න නම් පැල්වත්ත වගේ දහ ගුණයක් වගා කරන්න ඕනේ. සීනි පිටරටින් ගෙන්වන අය 55%ක් පමණ සීනි ගේනවා. අවශ්‍යතාවට එහෙම කළේ නැත්නම් පැල්වත්ත උක් තමයි කන්න වෙන්නෙ. අපි රාජ්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න වැඩපිළිවෙළක් කරගෙන යනවා. මොකද රටේ මිනිසුන්ගේ බදු එකතු කර මේ අයගේ පඩි ගෙවන්න වෙලා තියෙන්නේ. ණයත් එක්ක මේ සමාගම භාරගන්න කවුරුත් නෑ. මේවා ප්‍රතිව්‍යුහගත කරද්දී එම ආයතනවල ණය භාණ්ඩාගාරය භාරගන්න වෙනවා. මේ ආයතන ලාභ ලබන තත්ත්වයට ගේන්නයි රජයට ඕනේ. දුම්රිය සේවාවත් දියුණු කරන්න ඕනෙ. ලාභ ලබන තත්ත්වයට පත් කරන්න ඕනේ.
විදුලි බිල වැඩියි. මිනිසුන්ට දරාගන්න බෑ. විදුලිබල මණ්ඩලයේ කියනවා දැන් ලාභයි කියලා. වැඩක් නෑ ජනතාවගේ බෙල්ල මිරිකලා ලාභ ලබලා. එය සාධාරණ තත්ත්වයක් නෙමෙයි. එම නිසා මේ ආයතනවල තත්ත්වය වෙනස් කරන්න ඕනේ.”


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT