Business

ප්‍රයිම් සමූහය හඳුන්වා දෙන නවමු “Playful Luxury” ජීවන රටාවක අත්දැකීම ලබන්න, මින් පෙර නොදුටු විරූ අති නවීන YOLO Apartment City හි කොටස්කරුවකු වන්න

Saturday, 10 August 2024 - 9:45 am

  • කිරිබත්ගොඩ නගරයට සහ කඩවත අධිවේගී හුවමාරුවට ආසන්නව
  • මාසිකව, මුළු වටිනාකමින් 1% පමණක් ගෙවා YOLO හි හිමිකරුවකු වන්න

සාමාන්‍ය ජීවන රටාවෙන් මිදී, නවමු අත්දැකීමක් විඳගැනීම සඳහා ඔබ සූදානම් ද? ඔබේ ඒකාකාරී ජීවිතයෙන් මිදී  වෙනසක් වැළඳගන්නට කැමති ඔබ වෙනුවෙන්ම, ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමෙහි නවතම YOLO Apartment City  අත්දැකීම හදුන්වාදෙයි. YOLO: ඔබේ ජීවිතය සදහටම වෙනස් කරන සුවිශේෂී ගමනක ඇරඹුම වනු නොඅනුමානය.

' You Only Live Once - YOLO' යන්න හුදු පාඨයක් පමණක් නොව YOLO හිදී එය ඔබගේ සාමාන්‍ය ජීවන රටාව බවට පත්වනු ඇත. කෙටියෙන්ම කියතොත්, YOLO යනු ඔබට කෙදිනකවත් අත්හැර යාමට නොසිතෙන අද්විතීය  entertainment zone එකකින් ද සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රථම අති නවීන Apartment city එක වේ.

YOLO Apartment City නිවාස 476 කින් සමන්විත වූ, අක්කර 13 ක් පුරා විහිදී ඇති නිසංසල වටපිටාවක පිහිටා ඇත. YOLO හි සිට කොළඹට කිලෝමීටර් 10ක් දුරින්, සියලුම වාණිජ අවශ්‍යතාවයන්ට තෝතැන්න වූ කිරිබත්ගොඩ නගරයට මිනිත්තු 10 ක දුරින්, දිවයිනේ ප්‍රධාන නගර වෙත ඔබව ගෙන යන අධිවේගී මාර්ග ජාලයේ කඩවත පිවිසුමට ක්ෂණිකව යා හැකි කිලෝමීටර් 4.5 ක දුරින් මෙන්ම, කටුනායක අධිවේගී පිවිසුමට මිනිත්තු 15 ක දුරින් ස්ථානගත වී ඇත.

YOLO යනු තවත් එක් සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියක් නොවේ. YOLO Apartment City හි ඔබට, ඔබේ එදිනෙදා සෑම අවශ්‍යතාවයක්ම ඉටු කොට දෙන පහසුකම් වල සිට, අද්විතීය වූ සුඛෝපභෝගී ජීවිතයක් මෙන්ම අසමසම ජීවන රටාවක අත්දැකීම ද ලබා ගැනීමට හැකි වනු ඇත.

නිස්කලංක පරිසරයක පිහිටි, ඔබ මින් පෙර නොදුටු විරූ infinity pool, submerged seating හි හිදිමින්, ඔබව ප්‍රබෝධයට පත් කරන සිත් ඇදගන්නා සුළු පරිසරයක මිහිරියාව අත් විඳීමට ඔබට අවස්ථාව හිමි වනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබගේ සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියටම ඇතුළත් කොට නිර්මාණය කර තිබෙන උසස් තත්වයේ බෝලින් පථයක (Bowling Alley) , බෝලින් ක්‍රීඩාවේ විනෝදය අත්විඳීමට ඔබට ඉඩ ලැබෙනු ඇත.  අති නවීන එළිමහන් සිනමා පීඨයක නවමු අත්දැකීම ලබා ගැනීමටත්, නවීනත්වයෙන් යුතුව නිමැවුණු පහසුකම් රැසක් අතරට  Coffee shop, Sky Lounge, Gym, Cross fit Center, Karaoke Bar, Single Bounce Peddle Court, Coin Operated Laundry මෙන්ම  සුපිරි වෙළඳසැලක් වැනි බොහෝ දෑ ඇතුළත් වේ.

YOLO, විශේෂයෙන්ම පළමුවරට නිවාස මිලදී ගන්නන් සහ තරුණ වෘත්තිකයන් ඇතුළු සියලුම දෙනාට මෙන්ම ආයෝජකයින්ටද එකසේ ප්‍රවේශ විය හැකි, ප්‍රයිම් හඳුන්වා දුන් පෙරළිකාරී ගෙවීම් ක්‍රමය ඔස්සේ,  අවම අවදානමකින් යුතු පොලී රහිත, ප්‍රයිම් 1% මාසික වාරික ගෙවීමේ සැලැස්ම ක්‍රියාත්මක වෙයි. ආයෝජකයින්ට තම ආයෝජනය දෙගුණ කර ගනිමින්, සැලකිය යුතු ආදායමක් ලබා ගැන්මටද මෙමඟින් හැකි වනු ඇත. එසේම මෙම ව්‍යාපෘතිය, ආකර්ෂණීය ආයෝජන අවස්ථා සමඟින් දැරිය හැකි මුල්‍ය හැකියාවක් ලබාදෙමින්, ආයෝජකයින්ට නම්‍යශීලී ඉවත් වීමේ උපාය උපක්‍රම ද සහිත වීම විශේෂත්වයකි.

ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනි, සඳමිණි පෙරේරා මහත්මිය මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඇගේ දැඩි උද්‍යෝගය ද පළ කරමින් ප්‍රකාශ කළේ  “YOLO ව්‍යාපෘතිය බොහෝ අංශයන්ගෙන් කැපී පෙනෙන ව්‍යාපෘතියක්. එය ප්‍රයිම් සමූහය සඳහා අති සාර්ථක දැවැන්ත ඉදිරි පියවරක් පමණක්ම නොව, සමස්ත ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේම සුවිසල් ජයග්‍රහණයක්. නව්‍යකරණයේ සහ විශිෂ්ට  ජීවන රටාවක  සුවිශේෂී බව එක් තැන් කරමින්, YOLO, 'Playful Luxury'   අසමසම අත්දැකීම ඔබ වෙත ලබා දෙන බව නොඅනුමානයි. YOLO යනු, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ලබා දිය හැකි උපරිම විශිෂ්ටත්වය සහිත විචිත්‍ර මෙන්ම ජව සම්පන්න ප්‍රජාවක කොටස්කරුවෙකු වීමට, තරුණ ඔබට කෙරෙන ආරාධනයක්. YOLO හි ඔබ සදාතනික තාරුණ්‍යය අත්විඳිනු ඇති බව මගේ විශ්වාසයයි.”

YOLO යනු, සැබෑ ජීවත් වීම යනු කුමක්දැයි නැවත අර්ථ දක්වන පාරාදීසයයි. ඔබ වයස අවුරුදු 30ක අයෙකු වුවත්, වයස අවුරුදු 60ක අයෙකු වුවත්, සැබවින්ම නිර්භීත හදවතින් යුතු තාරුණ්‍යයෙන් හෙබි අයෙකු නම්, YOLO අමතන්නේ ඔබටයි...

අදම YOLO ව්‍යාපෘතියෙන් ඔබගේ නිවහන වෙන්කරවා ගන්න -  ඒ සඳහා 070 5000 111 අංකයට අමතන්න, නැතිනම් www.primelands.lk වෙත පිවිසෙන්න.


Top Stories
wedivistara

ආණ්ඩුකාරවරුන්ට ජනපති දුන් උපදෙස

wedivistara

කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

wedivistara

ශ්‍රී ලංකාවට චීනයෙන් රුපියල් කෝටි තුනක පරිත්‍යාග..

wedivistara

රනිල් හිටියා නම් IMF සිවු වැනි වාරිකයත් ගන්නවා..

wedivistara

ජනාධිපති අවබෝධයෙන් බොරු කියලා තියෙනවා.. ඒවායින් අපට හානි වුනා..

wedivistara

සහල් මිල ඉහල යාම කෘතිමයි.. මිල පාලනය ඉවත් කරන්නෑ..- ඩඩ්ලි, නිපුන හමුවී ජනපති කියයි..

Trending
wedivistara

අනුරට තනිවම රට හදන්න බෑ..- අගමැතිනි

wedivistara

පඩිය ලක්‍ෂයට වැඩි නම් බදු වාර්තා එවන්න.. අවසන් දිනය නොවැම්බර් 30…

wedivistara

ප‍්‍රදේශ රැසක ඌරන් මිය යයි.. ඌරුමස් කෑම අවදානම්..

wedivistara

අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි..- ආණ්ඩුකාර

wedivistara

මා ජනාධිපති වී ආර්ථිකය ස්ථාවර කලා..- ජනපති

wedivistara

අඩු කරපු විදුලි බිලට මොකද වුණේ ?


NEWS ALERT