මෙරට HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රෙයන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් HIV සහ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් යම් අවදානමක් ඇද්දැයි සොයා බැලීමට ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් KNOW 4 SURE නමින් නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබේ.
2023 වසරේදී HIV නව ආසාදිතයන් 695 දෙනකු හඳුනාගෙන ඇති අතර, එය 2022 වසරට සාපේක්ෂව 14%ක වර්ධනයක් බව ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ අනාවරණය කළාය. ලිංගිකව සක්‍රිය වයසේ පසු වන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ඇය ප්‍රකාශ කළාය
අනාරක්ෂිත ලිංගික ක්‍රියා, ආසාදිත මවකගෙන් දරුවෙකුට සහ ආසාදිතයකුගේ රුධිරය නීරෝගි අයකුගේ ශරීරයට ඇතුළු වීම යන ප්‍රධාන ක්‍රම 3 ඔස්සේ HIV ආසාදනය සිදු වන බව පෙන්වා දෙන ඒ මහත්මිය එලෙස ආසාදනය සිදු වී නිසි ප්‍රතිකාර නොගන්නා පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කරමින් වසර 2ත් 7ත් අතර කාලයකදී ඒඩ්ස් අවධියට පත් වන බවද ඇය පැවසුවාය. ඒ මහත්මිය මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.