Local

දැන් එයාලා කියන ලොකුම බොරුව තමයි මාලිමාව බොරු කියනවා කියන බොරුව - ටිල්වින්

Friday, 02 May 2025 - 11:08 pm

මේ දිනවල විපක්ෂයේ පිරිස් විසින් කියමින් සිටින ලොකුම බොරුව “මාලිමාව බොරු කියනවා” යන බොරුව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

සමාජ මාධ්‍යවල බොරු නම් වලින් පෙනී සිටින කීප දෙනෙකු මෙම බොරුව කියමින් යන්නේ අද ඔවුන්ට ජාතික ජන බලවේගයට එරෙහිව පැවසිය හැකි කිසිඳු විවේචනයක් නොමැති නිසා බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජාතික ජන බලවේගය බලයට පැමිණි පසු මහ බැංකුව කැඩුවා යැයි හෝ මහජන මුදල් හොරකම් කළා යැයි හෝ ඇමතිවරු කොමිස් ඉල්ලුවා යැයි හෝ කොමිස් ඉල්ලූ නිසා විදෙස් ආයෝජකයින් හැරී ගියා යැයි හෝ ඔවුන්ට කිව නොහැකි බ​වත්, මෙවැනි බොරු අවලාද පවසන්නට පටන්ගෙන ඇත්තේ එබැවින් බවත් ඔහු සඳහන් කළා.

ඔවුන්ගේ එම බොරුවලට ආයුෂ නොමැති බව අවධාරණය කළ ඔහු පෙන්වා දුන්නේ, ජනතාව ඔවුන්ගේ බොරු පසෙකලා රට වෙනස් කරමින් ඉදිරියට යාමට පෙළගැසී සිටින බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT