Local

ජනතාව සමඟ ජීවත් වන මා රට හැර යන්නේ නැහැ -ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Wednesday, 04 September 2024 - 5:21 pm

මහ පොළොවේ යථාර්ථය තේරුම්ගෙන ජනතාවත් සමඟ ජීවත්වන තමා දිවි හිමියෙන් රට හැර යන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ තංගල්ල නගරයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තංගල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ රටේ ජනතාව සාධාරණ ක්‍රමවේදයකට බදු ගෙවන්න සූදානම්. රාජ්‍ය ආදායම දේපොළ විකිණීමෙන් එහාට ගොස් බදු නොවන ආදායම වැඩි කර ගත යුතු වෙනවා. රාජ්‍ය සේවයේ ගෞරවය රැකිය යුතුයි. අද බොහෝ දේශපාලන වේදිකාවල රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරනවා කියා ඔවුන්ගේ ගෞරවය නැති කරන්න උත්සාහ කරනවා. අපි ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරනවා. උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සේවයකයන්ගේ වැටුප් වැඩි කළ යුතුයි. ඒක දේශපාලන වේදිකාවේ කරන්න ඕන කාරණයක් නොවෙයි. ඒක මැතිවරණයක් ළං වන විට කරන්න ඕන දෙයක් නොවෙයි. ඒක රාජ්‍යයක් ලෙස කළ යුතු කාරණයක්. පොලිස් නිලධාරියාගේ රාජකාරියට දේශපාලනඥයන් මැදිහත් විය යුතු නෑ. සාධාරණ ක්‍රමවේදයකින් එය ක්‍රියාත්මක විය යුතුයි. රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න දේශපාලනඥයන් මැදිහත් විය යුතු නෑ. රටේ මුල්බැස ගත් දේශපාලන සංස්කෘතියක්, ප්‍රතිපත්තියක් සහ වගකීමක් තිබිය යුතු වෙනවා, ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න.

ලෝකයේ දියුණු යැයි සම්මත හැම රටකම හමුදාවට හෝ පොලිසියට හෝ අනෙකුත් ආයතනවලට නිසි ගෞරවයක් දෙනවා. ඒ ගෞරවය සමාජයේ ගොඩනැඟී තිබෙනවා. අද මහා සංඝරත්නයට අපහාස කර බෞද්ධ සංස්කෘතියට පහර ගහනවා. අරගලයේ දී වෙසක් කූඩුව කළු පාටින් හැදුවා. අරගලය පටන් ගත්තේ ආර්ථික අර්බුදයක් ගැන කියලයි. අවසන් කළේ සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි කියලයි. අනෙක් පැත්තෙන් රණවිරුවන්ට, පොලිසියට තිබූ ගෞරවය නැති කළා. ඔවුන් උත්සාහ කළේ මේ රටේ සංස්කෘතියට ගහන්න. අපේකමට ගහන්න. ඔවුන්ට වුවමනාව තිබුණේ මේ රට ගොඩනැඟුණු පදනම වට්ටන්න. නමුත් අපට වගකීමක් තිබෙනවා, අපි ගොඩනැඟුණු පදනම ආරක්ෂා කරන්න. ඒක දේශපාලනයෙන් එහාට ගිය වගකීමක්. පන්සල, පල්ලිය, කෝවිල සමඟ බද්ධ කරන්න, සංස්කෘතියට ගරු කරන දරුවන් පිරිසක් ගොඩනඟන්න ඕනෙ.

අවුරුදු දහසයෙන් සාමාන්‍ය පෙළ විභාගය ලියා උසස් පෙළ පමණක් තමන්ගේ එකම විකල්පය බවට පත් නොකර වෘත්තීය පුහුණුව, කාර්මික පුහුණුව සහ නිපුණතාව ඔස්සේ තාක්ෂණය සමඟ බද්ධවූ ගොවියෙක්, ධීවරයෙක්, ව්‍යවසායකයෙක් බවට පත්වෙන්න තරුණයන්ට නිදහස තිබිය යුතුයි. ඒ තුළ තමන්ගේ වෘත්තියට ගෞරවයක් සමාජයෙන් ලැබෙන්න ඕනෙ. ඒ ගෞරවය ආරක්ෂා කරන දේශපාලන නායකත්වය දෙන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම්. අපි තරුණයි. අපි දන්නවා මේ අයගේ දරුවන් සිතන විදිහ. අපටත් ළමයින් ඉන්නවා. අපේ දරුවන් හැදෙන්නේ වැඩෙන්නේ සංස්කෘතියක් නොමැති පරිසරයක නම් එයට අප කැමති නෑ. අද ළමා අපචාර දෙස බලනවිට, ගෘහස්ථ හිංසනය දෙස බලන විට, කාන්තා අපයෝජන දෙස බලන විට තාත්තා කෙනෙක් විදිහට අපටත් දෙවරක් සිතිය යුතු වෙනවා. එසේ නම් මේ සමාජය වෙනස් කිරීමේ වගකීම අපට පැවරෙනවා. එය කරන්න අවශ්‍ය දේශපාලන නායකත්වය දෙන්න වගකීමක් තිබෙනවා. පිහිටුවන ආණ්ඩුවට වගේම දේශපාලන පක්ෂවලට ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා. එය අපේ පක්ෂය මැනවින් හඳුනාගෙන තිබෙනවා. අපි මේ මහ පොළොවේ පය ගසා ජීවත් වෙනවා. අපි මේ රට අතහැර යන්න දේශපාලනය කරන අය නොවේ. අපි මේ රට අතහැර යනවා නම් යන්න තිබුණා. අපි පැනලා යයි කියා බලා සිටි බොහෝ අයට රිදෙන්නේ අපි පැනලා නොගිය නිසයි. අපි අභියෝගවලට බය නෑ. අපි අභියෝගවලට ආදරය කරනවා. ඒ නිසා අපි මේ රට අතහැර යන්නේ නෑ. මේ රට ආර්ථික, සමාජයීය, දේශපාලන වශයෙන් ස්ථාවර කිරීමේ අභියෝගයටත් අපි ආදරය කරනවා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කරනවා. හම්බන්තොට වරාය යළිත් වරක් අපි දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට පත්කරනවා. හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගත් කාර්මික ජනපදය අපි නැවත වරක් ආරම්භ කරනවා. සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය කේන්ද්‍ර කර ගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. අධිවේගී මාර්ග දියුණු කිරීම තවදුරටත් ක්‍රියාත්මක කරනවා.

සෑම පළාතක්ම සම්බන්ධ කරගනිමින් අධිවේගී මාර්ග ආරම්භ කරනවා. ඒ සියලු පළාත් යා කරමින් ආර්ථික විප්ලවය අපි 22 වැනිදායින් පසුව ආරම්භ කරනවා. අපේ රටේ දේශීය ආර්ථිකය අපි දියුණු කරන්න ඕනෙ. ගමේ ගොවියා, ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා ශක්තිමත් කරන්න ඕනෙ. එදා හම්බන්තොට වරාය හදලා, අධිවේගී මාර්ග හදලා ක්‍රීඩා ගම්මාන පිහිටෙව්වෙ ඇයි? මේ රටේ ජීවත්වෙන අහිංසක අම්මගෙ තාත්තගෙ දරුවාට නූතන ලෝකයේ රැකී රක්ෂාවලට යන්න පුළුවන් වපසරියක් හදන්න. කොතලාවල ආරක්ෂක පීඨය විශ්වවිද්‍යාලයක් ගෙනාවෙ ඇයි? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාගර විශ්වවිද්‍යාලය පටන් ගත්තෙ ඇයි? අපට දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබුණා. අපි විශ්වාස කළා අපේ ගමේ අම්ම තාත්තගෙ දරුවාට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනෙ කියලා. මහින්ද්‍යෝදය විද්‍යාගාරය, තාක්ෂණ පීඨය හරහා තාක්ෂණ ක්ෂේත්‍රයට මේ රටේ දරු පරම්පරාව යොමු කළා.

ඉදිරි අවුරුදු පහ ඇතුළත, ඊළඟ අවුරුදු දහය ඇතුළත මේ රටේ දේශීය සහ විදේශීය රැකියා අවස්ථා ලක්ෂ 20ක් නිර්මාණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ළඟ තිබෙනවා. ”

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ සහ දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී. වී. උපුල් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT