Local

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගත් නායකයා ජනපති රනිල්

Wednesday, 26 June 2024 - 9:00 am

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගත් නායකයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසගතවන බවත් වැටුණු රට ගොඩනැගිය හැකි එකම නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපතිවරයා පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මාතලේ ආසන සංවිධායක උජිත් අනුරාධ මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ යටවත්ත පොල්වත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අනුරාධ මහතා කියා සිටියේ රට වැටුණු අවස්ථාවේදි ගොඩනැගිම සදහා බාර ගන්නා ලෙස එවකට රජය විසින් ඇරයුමක් කළත් විපක්ෂයේ අද කැගහන පිරිස් ඇදන් යට හැංගි ගිය බවත් දැන් රට තරමක් හෝ ගොඩගත් අවස්ථාවේදි නැවත රට අස්ථාවර කිරිමට බලය ඉල්ලන බවද පැවසිය.

කයිය ගහන අයට රට හදන්න බැහැ.අපි ඉතිහසාය හොදට දන්න පිරිසක් ජවිපෙ විසින් 88/89 කාලයේදි රටට සිදු කළ විනාශයන් මේ රටේ බත් කන ජනතාව දන්නවා.දැන් හමුදා පොලිස් බල ඇණි සකස් කරමින් ඒ සිදු කළ දේම නැවත කරන්න අර අදිනවා.මේවා වත්මන් කාලයේ ඉන්න තරුණ පිරිස් දන්නේ නැහැ. 88/89 කාලයේ සිදු කළ මිනි මැරුම් ගැන මාතලේ සිදු කළ දේ ගැන අපි ගමක් ගෙයක් ගානේ ගිහින් කියන්න ඕන.දැන් සුදන මිනිස්සු වගේ කතා කරනවා.වර්තමාන කාලයේදි අත් හදා බල බල ඉන්න දෙයක් නැහැ.අපිට 2019 වසරේ අත් හදා බලන්න කෙනෙක් ගෙනත් රටට ඇති කළ විපත මතක තියනවානම් කයිවරු ගහන බයේ පලා යන පිරිස් ගෙනාවොත් කොහොම හිටිවිද.අපි දැක්කා විපක්ෂයේ අද ඔය කෑ ගහන ලොකු මහත්වරුන් තමන්ගේ අමාත්‍යංශයක් හරියට කළේ නැහැඑහම අහ කොහොමද රටක් පාලනය කරන්නේ යැයිද ඒ මහතා පැවසිය..

මාතලේ මහේෂ් කිර්තිරත්න


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT