Local

අයවැයේ දී මේ රට වෙනස් කරන තීන්දුවක් ගත්තා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

Wednesday, 15 November 2023 - 1:09 pm

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ 78වන අයවැයේදී මේ රට වෙනස් කරන තීන්දුවක් ගත් බවත්, බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීමට, ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමට, මෝටර් රථයක් ලියාපදිංචියට, ඉඩමක් හෝ හිමිකමක් ලියාපදිංචියට බදු අංකයත් තිබීම අනිවාර්ය අංගයක් බවට පත් කිරීම ඉතා හොඳ තීරණයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 2024 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කිවවීමේ පළමු දිනය වන අද විවාදයට එක්වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
මෙම කාරණය නිසා දේශපාලඥයාට, ව්‍යාපාරිකයාට, කාට වුණත් බදු ගෙවන්න සිද්ධ වෙනවා. කාර් එකෙන් ඇවිත් සමෘද්ධිය ගන්න බැහැ කාටවත්. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් , විදුලි කප්පාදු වලින් හෙම්බත් වි තිබුණු යුගයක් අපි පසු කළා. දේශපාලන අරමුණු අමතක කරලා අපි එකතු වුණේ රට වැටිලා තිබුණ බැරෑරුම් තත්වයෙන් මුදවා ගැනීමට යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT