ඉන්දියාවේ නවදිල්ලි නුවර කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක Lieutenant Colonel Han Jonghun පෙරේදා (06) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමු විය.
Lieutenant Colonel Han Jonghun ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කොරියානු ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව ඉන්දියාව, ශ්රී ලංකාව සහ නේපාලයේ කොරියානු ජනරජ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරයි. ඒ අනුව මේ නිල හමුවේදී නාවික හමුදාපතිවරයා සහ කොරියානු ජනරජ ආරක්ෂක උපදේශක අතර ද්වි – පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.
මේ නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.