Local

කඩුවෙල-අතුරුගිරිය නගරවල වාහන තදබදය මැඬීමට කඩිනම් මාර්ග සංවර්ධන වැඩසටහනක්

Tuesday, 30 January 2024 - 4:53 am

කඩුවෙල සහ අතුරුගිරිය නගරවල රථවාහන තදබදය වැළැක්වීමට කඩිනම් මාර්ග සංවර්ධන වැඩසටනක් අරඹන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අතුරුගිරිය සහ කඩුවෙල නගර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳ අවසන් සාකච්ඡා මාලාවක් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ආරාධනයෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල මහනගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී ඇමැතිවරයා එසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් රාජ්‍ය ආයතන ඇතුළු පිහිටීම් රැසක් ඇතුළත් අතුරුගිරිය කඩුවෙල ප්‍රදේශයන්හි දෛනිකව ජනතාව මුහුණ දෙන ප්‍රවාහන දුෂ්කරතාවන් අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සහ යෝජනා පිළිබඳව මෙහිදී අදහස් ඉදිරිපත් විය.

මේ නගර ආශ්‍රිත පවතින මාර්ග තදබදය පිළිබඳ නිරීක්ෂණය කිරීමට ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහත්වරුන් ඇතුළු නිලධාරීන් පසුගියදා එම ප්‍රදේශවල නිරීක්ෂණයක ද නිරත වූහ.

මේ වන විට වසර තුනක් පමණ ඇනහිට තිබූ යටිතල සංවර්ධන කටයුතු යම් ප්‍රමාණයකින් නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් උදා වී ඇති බැවින් ගත හැකි අංශවලින් ප්‍රතිපාදන පහසුකම් ලබා ගනිමින්, කඩිනම් සංවර්ධනය අත්‍යවශ්‍යම ස්ථාන වෙත ප්‍රමුඛතාව දෙමින් මේ සංවර්ධන කටයුතු කිරීමේ වැදගත්කම ප්‍රවාහන හා මහාමාර්ග විෂය භාර ඇමැතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

ඒ අනුව අතුරුගිරිය සහ කඩුවෙල ප්‍රදේශයන්හි පවතින රථවාහන තදබදය අවම කිරීමට කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි කෙටිකාලීන සැලසුමක් සහ ඉන් අනතුරුව දීර්ඝකාලීනව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් සකස් කර රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් සාර්ථක කරගැනීමෙන් අනතුරුව ප්‍රතිපාදන ලැබෙන පරිදි එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කර තබාගැනීමේ වැදගත්කම ද ඇමැතිවරයා අවධාරණය කළේය.

අතුරුගිරිය ප්‍රදේශයේ මාර්ග සහ රථවාහන තදබදය අවම කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස දැනට පවතින බස් නැවතුම්පොළ මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ආශ්‍රිත පොදු පහසුකම් සඳහා වෙන් කර ඇති හිස් භූමි ප්‍රදේශයක් වෙත ස්ථානගත කිරීම, ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව ද සලකා බලමින් මාර්ග පුළුල් කිරීමට මේ වන විට හඳුනාගෙන ඇති ස්ථානවලට වන්දි ගෙවීම් ඇතුළු මූලික කටයුතු අවසන් කර කඩිනමින් එම ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම නගරයේ මංසන්ධි මධ්‍යයේ දැනට ඇති ඔරලෝසු කණුව හේතුවෙන් රථවාහන හැසිරවීමට පවතින බාධා මඟහැරවීමට විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.

කඩුවෙල නගරය ආශ්‍රිතව පවතින කානු පද්ධතිය ක්‍රමවත් කිරීමට පියවර ගැනීම, මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් පවරා ගත යුතු අනවසර ඉදිකිරීම් පවතින ස්ථාන නිත්‍යනුකූලව නැවත අත්පත් කර ගැනීම කඩිනම් කිරීමට ඇමැතිවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

එහිදී ජනතාවගේ අවශ්‍යතාවන් නිසි පරිදි හඳුනා ගනිමින් ප්‍රදේශයේ සංවර්ධනයට නිවැරදි මඟපෙන්වීම සහ ඒ සඳහා නිලධාරින් යොමු කිරීම පිළිබඳව කඩුවෙල අතුරුගිරිය වෙළෙඳ සංගම්වල නියෝජිතයන්ගේ ප්‍රසාදය ද ඇමැතිවරයා ඇතුළු නිලධාරින් වෙත හිමි වූ අතර, සිදු කෙරෙන ඕනෑම සංවර්ධන කටයුත්තක් සඳහා ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් ලෙස දිය හැකි උපරිම සහයෝගය දෙන බව ද ප්‍රකාශ කළේය.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, නාගරික කොමසාරිස් දිල්රුක්ෂි ගමගේ මහත්ම මහත්මීන් ද, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, කඩුවෙල මහ නගර සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, වෙළෙඳ සංගමය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT