Local

ජන­පති ජර්ම­නි­ යයි

Tuesday, 10 June 2025 - 8:46 am

ශ්‍රී ලංකා-ජර්මන් මිතු­දම තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දෙදින නිල සංචා­ර­යක් සඳහා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අද (10) ජර්ම­නිය බලා පිටත්ව යාමට නිය­මි­තව තිබේ. ජර්මානු ජනා­ධි­පති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයි­න්මි­යර් මහ­තාගේ ආරා­ධ­නා­ව­කට අනුව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එළ­ඹෙන 13දා දක්වා ජර්මානු ෆෙඩ­රල් ජන­ර­ජයේ නිල සංචා­ර­යක නිරත වීමට නිය­මිත බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

මෙම සංචා­රයේ දී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා, ජර්මානු ජනා­ධි­ප­ති­ව­රයා, ෆෙඩ­රල් රජයේ ප්‍රධාන අමා­ත්‍ය­ව­රුන් සහ අනෙ­කුත් සම්භා­ව­නීය අමු­ත්තන් සමඟ ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත අතර, රජයේ ප්‍රමු­ඛතා මත පද­නම්ව වෙළෙඳ, ඩිජි­ටල් ආර්ථි­කය, ආයෝ­ජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහ­යෝ­ගී­තාව සඳහා නව මාර්ග පිළි­බඳ සාකච්ඡා කිරී­මට ද නිය­මි­තව තිබේ.

ජනා­ධි­ප­ති­ව­රයා විසින් ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩ­ලය විසින් සංවි­ධා­නය කරන ව්‍යාපා­රික සංස­දයේ ප්‍රධා­න­ත්වය දරනු ලබන අතර, එහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික පරි­ව­ර්ත­නය, පව­තින ආයෝ­ජන අවස්ථා, රටේ වර්ධන විභ­වය සහ දෙරට අතර නව වෙළෙඳ සබ­ඳතා ගොඩ­නැ‍ඟීමේ අවස්ථා පිළි­බඳ අව­ධා­ර­ණය කරනු ඇත.

ඊට අම­ත­රව මෙම සංචා­රයේ දී ජනා­ධි­ප­ති­ව­රයා විසින් ජර්ම­නියේ සංචා­රක හා සංචා­රක කර්මාන්ත සංග­ම්වල නියෝ­ජි­ත­යන් හමු­වන අතර මෙම සංචා­ර­යට ජනා­ධි­ප­ති­ව­රයා සමඟ විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් ද සහ­භාගි වීමට නිය­මිත බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය කියයි.

මහින්ද අලු­ත්ගෙ­දර


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT