Local

එජාපය මැතිවරණයට සැරසෙයි : රවී – හරින් සහ ෆිරෝස්ට නව තනතුරු

Monday, 03 June 2024 - 3:27 pm

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් ඊයේ (ජුනි 2) පත් කරගනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.

එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර ගනු ලැබූ අතර ජාතික ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්විය. ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කෙරිණි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලයේ ද සුළු වෙනසක් සිදු කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන් (Mohamed Firdouse Farook) ද භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් උප සභාපති ලෙසද, ක්‍රිෂාන් තියඩෝර් නියෝජ්‍ය මහ ලේකම් ලෙසද පත් කෙරිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අකිල අකිල විරාජ් කාරියවසම් ප්‍රමුඛ සෙසු නිලධාරීන්ගේ තනතුරු වෙනස් නොවී පවත්වා ගෙන යාමටද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කෙරිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT