International

කටුස්සන් 200කට වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ පොලිස් නිලධාරීන් භාරයට

Monday, 08 January 2024 - 1:22 pm

ඕස්ට්‍රේලියාවේ සිට හොංකොං වෙත ස්වදේශික කටුස්සන් සිය ගණනක් නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට සැලසුම් කළ අපරාධ කණ්ඩායමක් සොයා ගත් බව එරට බලධාරීහු පවසනවා .

නිව් සවුත් වේල්ස් පොලිසියට අනුව උරගයින්ගේ ඇස්තමේන්තුගත වෙළඳපල වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.2 ක් පමණ වනවා

සිඩ්නි නුවරදී පිරිමි තිදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

කටුස්සන් 257ක් සහ සර්පයන් තිදෙනෙකු දුර්වල තත්ත්වයෙන් තබාගෙන සිට ඇති බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් එරට බලධාරීන් පවසනවා

පසුගිය සැප්තැම්බර් මාසයේදී හොංකොං වෙත රැගෙන යමින් සිටියදී කුඩා කන්ටේනර් නවයක රඳවා සිටි කටුස්සන් 59 දෙනෙකු සොයා ගැනීමෙන් පසු ජාවාරම්කරුවන් යැයි කියනු ලබන අය විමර්ශනය කිරීම සඳහා පොලිසිය කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබුණා .

ඒ අනුව නිලධාරීන් පසුගිය සති කිහිපය තුළ නිව් සවුත් වේල්ස් හි වැටලීම් මාලාවක් සිදු කර තිබෙනවා

සිඩ්නි නුවර එක් නිවසක තිබී කටුස්සන් 118ක්, සර්පයන් තිදෙනෙක්, බිත්තර අටක් සහ මියගිය කටුස්සන් 25ක් පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ග්‍රෙන්ෆෙල් ග්‍රාමීය ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී බෑග්වල සඟවා තිබූ කටුස්සන් හතර දෙනෙකු සොයා ගෙන ඇති බවද සඳහන්

වයස අවුරුදු 31 ත් 59 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් සිව්දෙනාට දේශීය උරගයන් අපනයනය කිරීම, අපරාධවලින් ලැබෙන ආදායම සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ අපරාධ කණ්ඩායමකට සහභාගී වීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර 15ක සිරදඬුවමක් හිමිවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ .

පසුගිය සති අන්තයේ අධිකරණයේ පෙනී සිටීමෙන් පසු පුද්ගලයන් දෙදෙනෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබෙනවා .


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT